බලන්ගොඩ නාය අවදානමක් හේතුවෙන් පවුල් 13ක් ඉවත් කරති බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) නායයාමේ අවදානමක් පවතින බැවින් ඊට පහළින් ජීවත්වන පවුල් 13ක සාමාජිකයන් යද්දෙහිකන්ද විහාරස්ථානට සහ නිල නිවාසයකට අද තාවකාලිකව ඉවත් කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පවසයි. 19 March 2019
මුහුදේ ගිලී තරුණයෙක් අතුරුදන් තංගල්ල මාවැල්ල කඳන්මුල්ල මුහුදු තීරයේ බෙල්ලන් කැඩීමට ගිය තරුණයකු දිය වැළකට හසුව අද(19) අතුරුදන් වී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 19 March 2019
යාපන පොලිස් විශේෂ බළකා නිලධරයන්ට පහර දුන් පිරිස රිමාන්ඩ් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ට පහර දුන් කාන්තාවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් 1 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කර සිටියේය. 18 March 2019
මධ්‍යම කඳුකරයට තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (18) පස්වරුවේ තද වැසි පතිත විය. 18 March 2019
සබරගමුව සිසුහු පාරට බසිති සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා පීඨයට අතිරේකව බඳවාගන්නා සිසුන් තිහකගේ ප්‍රමාණයක් කප්පාදු කිරීමට එරෙහිව සිසුහු අද (18) විරෝධතාවයක් ඇරඹුහ. 18 March 2019
පරිගණක සොරා ගත් අයෙක්ට සිරදඬුවම් හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහල බිඳ රුපියල් 106,400ක් වටිනා පරිගණක සහ රූපවාහිනියක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (18) බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 319,200ක දඩයක් නියම කොට සිරදඬුවම දස වසරකට අත්හිටුවනු ලැබිය. 18 March 2019
අ‘පුර ප්‍රාදේශීය විදුලි සේවකයෝ විරෝධතාවක් අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත ලබාදීමට ගිය විදුලි බල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු භාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයෙකුට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් අද (18) උද්ඝෝෂයක් පැවැත්විණි. 18 March 2019
විදුහල්පති ඉවත් කරන්නැයි විරෝධතාවක් කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා වහා ඉවත් කර තම දරුවන් සහ පාසල බේරා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම පාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් පාසල ඉදිරිපිට අද (18) දින උදෑසන විරෝධතාවයක නිරත විය . 18 March 2019
නිවසක තිබී පතොරොම් තුවක්කුවක් සොයාගැනේ කන්දකැටිය මොරහෙල නිවාසයක තිබී පතොරොම් තුවක්කුවක් අද(18) සොයා ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි. 18 March 2019
තේ වත්තක අනවසරයෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු සැකපිට අද(18) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. 18 March 2019
යතුරුපැදි - ලොරි රථ ගැටී අයෙක් මරුට : අයෙක් රෝහලේ තරුණයන් දෙදෙනෙකු රැගත් යතුරුපැදියක් ඉංගිරිය නගරයට ආසන්නයේ තුන්වෙනි පටුමග අසළදී කුඩා ලොරියක ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි. 18 March 2019
නීති විරෝධී ඖෂධ සමඟ අයෙක් අත්අඩංගුවට කාන්තාවන්ගේ සරු භාවය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකරන්නේ යැයි කියන පෙති 70 ක් සමඟ පුද්ගලයකු මිල්ලනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 17 March 2019
සිව්දෙනෙක් මෙහෙණි සසුනට කුල දැරියන් දෙනෛකු සහ උපාසිකාවන් දෙදෙනෙකු අද (17) පිලිමතලාව පරණපට්ටිය ඉසිපතන මෙහෙණි ආරාමයේදී මෙහෙණි සස්නට ඇතුළත් කෙරිණි. 17 March 2019
ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 17 March 2019
පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වු කුඩා ලොරි රථයක් අද (17) පුල්මුඩේ පොලිස් වසමට අයත් යාංඔය පාලම අසළදි පරික්ෂා කිරිමේදි ජෙලට්නයිට් නැමැති පුපුරණ ද්‍රව්‍ය කූරූ 190ක් හා පිපිරවිමට යොදා ගන්නා අඩි 35ක් දිග සේවා නුලක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගැනිමට විශේෂ කාර්යබලකායේ පුල්මුඩේ කදවුරේ නිලධාරිහු සමත් වුහ. 17 March 2019
අක්කා නගෝ එක්වී කතකට පහර දෙති තම සැමියා සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බවට චෝදනා කරමින් අසල්වැසි විවාහක කාන්තාවකගේ මුහුණට මිරිස් කුඩු ගසා පහර දී ඇයගේ වරලස ද කපා රුපියල් ලක්ෂයකට අධික වටිනා රන් මාලය ද සොරා ගත් බව කියන අක්කා නගෝ දෙදෙනෙකුට විරුද්ධව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 17 March 2019
පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වු කුඩා ලොරි රථයක් අද (17) පුල්මුඩේ පොලිස් වසමට අයත් යාංඔය පාලම අසළදි පරික්ෂා කිරිමේදි ජෙලට්නයිට් නැමැති පුපුරණ ද්‍රව්‍ය කූරූ 190ක් හා පිපිරවිමට යොදා ගන්නා අඩි 35ක් දිග සේවා නුලක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගැනිමට විශේෂ කාර්යබලකායේ පුල්මුඩේ කදවුරේ නිලධාරිහු සමත් වුහ. 17 March 2019
අපිරිසිදු වෙළෙඳසැල්වලට නඩු බගවන්තලාව නගරයේ පිහිටි ආපන ශාලා , තොග සිල්ලර වෙළදසැල්, සහ බේකරි රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අද (17) හදිසි පරික්ෂාවය ලක් කරනු ලැබුහ. 17 March 2019
රිය අනතුරින් තරුණියක් මරුට කළුවාමෝදර කාලවිල මාර්ගයේ කාලවිල සුසාන භූමිය ආසන්නයේ අනතුරුදායක වංගුවකදී අද (17) ත්‍රීරෝද රථයක් කැන්ටර් රථයක එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක් මියගොස් ත්‍රීරෝද රිය පැදවූ ඇයගේ 25 හැවිරිදි සොයුරා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලීසිය කියයි. 17 March 2019
ගංජා ප්‍රවාහනය කළ යුද හමුදා භටයා ඇතුළු දෙදනෙකු අත්අඩංගුවට මෝටර් රථයකින් ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා භටයකු ඇතුලු දෙදෙනකු වයික්කාල ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 March 2019
රන් බිස්කට් සමඟ පුද්ගලයෙක් රේගුවේදී අල්ලයි රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 17 March 2019
හෙරොයින් ළඟ තබාගත් කතක් රිමාන්ඩ් හෙරොයින් මිලිග්‍රෑම් 780 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 23 හැවිරිදි මවක් 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කීරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(17) නියෝග කළේය. 17 March 2019
ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදන කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 17 March 2019
ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක් ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16) සොයා ගනු ලැබීය. 16 March 2019
ඉවත් කිරීමට ගිය ඉපැරැණි තැපැල් පෙට්ටියක් ජනතා විරෝධයෙන් නවතී වැලිගම මහවීදිය පෙදෙසෙහි කඩපොළ අසල තිබු වසර 125 වඩා පැරණි බව කියන තැපැල් දෙපාර්තමේන්තුව සතු තැපැල් පෙට්ටියක් අද (16) දහවල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමෙදි පෙදෙසෙහි ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන්, එම කටයුතු සදහා පැමිණි තැපැල් සේවකයන්ට ඉවත් කිරිමෙ කටයුතු නවතා නැවත තැපැල් පෙට්ටිය තිබූ ආකාරයෙන් සකසා යාමට සිදුවිය. 16 March 2019
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික හමුදා සෙබලෙකු ජිවිතක්ෂයට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. 16 March 2019
යතුරු පැදි ගැටුමින් අයෙක් මරුට බෝවත්ත වීරපොකුණ මාර්ගයේ ධාවනය වු යතුරු පැදි දෙකක් ඊයේ ( 15 දා ) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් බරපතල ලෙසින් තුවාල ලද යතුරු පැදිකරුවන් දෙදෙනාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබූඅතර එක් යතුරු පැදි කරුවෙකු අද (16 දා) අළුයම මිය ගොස් ඇති බව බිංගිරිය පොලිසිය කියයි. 16 March 2019
සිමෙන්ති පැටවූ ලොරි රථයක් පෙරළෙයි මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් එම ලොරියේ පටවා තිබූ සිමෙන්ති මිටි සියල්ල මහ පාරේ වැටී තිබූ අයුරු ඡායාරුපයේ දැක්වෙයි. 15 March 2019
ලක්ෂ 48 ක හෙරෝයින් සමඟ පුද්ගලයෙක් අල්ලයි ලක්ෂ 48 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 400 ක් යතුරු පැදියකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු හාල්දඩුන දී අද (15) හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 15 March 2019
උමාඔය කැණීම් හේතුවෙන් යළිත් ජල හිඟයක් උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ කැණීම් හේතුවෙන් යළිත් බණ්ඩාරවෙල කිරිඔරුව හා කොන්තේහෙල ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ගම්මාන රැසක පානීය ජලය ලබා ගන්නා ළිං සිඳී ගොස් බවත් වාරි ජලය නැතිවීමෙන් වගාබිම් රැසක් පුරන්ව වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. 15 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026