ගෙවත්තකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී විතාරන්දෙණිය රොටේ පාරේ නිවසක ගෙවත්තේ කොස් ගසක් යට තිබී ජීව අත්බෝම්බයක් හමු වී ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. 25 March 2019
නවගත්තේගම අනතුරකින් තරුණයෙක් මරුට නවගත්තේගම ගල්වංගුව බොක්කුව හංදියේදි මෝටර් රථයක ගැටුන පදිකයකු ගල්ගමුව රෝහලට ඇතුලත් කළ පසු මිය ගිය බව පොලිසිය කියයි. 24 March 2019
විල්පත්තු විනාශය නතර කරන්නැයි ඔලුවිල් සිසුහු රජයට බල කරති විල්පත්තු වන විනාශය වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අද (24) සවස ඔලුවිල් විශ්ව විද්‍යාලයට අනුබද්ධ සමන්තුර වෝහාරික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් අම්පාර නගරයට පැමිණ පෙළපාලි යමින් උද්ඝෝෂණයක නිරතවූහ. 24 March 2019
සිගරට් හොරට අලෙවි කළ ගුවන් හමුදා සැරයන්-කාන්තාවක් අත්අඩංගුවට අලෙවි කිරිම සදහා හොරට ගෙන්වා තිබු සිගරට් තොගයක් සමඟ ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ කාන්තාවක් අද (24) පස්වරුවේ දි හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 24 March 2019
“බගත්සිංග් පුරම්” ගම්මානය ජනතා අයිතියට කොත්මලේ එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98 ක් සඳහා ඉදිකළ නව නිවාස 98 කින් යුත් “බගත්සිංග් පුරම්” ගම්මානය ජනතා අයිතියට පැවරීම අද (24) සිදු කෙරිණි. 24 March 2019
කෙසෙල්ගමුඔයේ මැණික් ගරමින් සිටි 6 ක් අත්අඩංගුවට බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 24 March 2019
බදුල්ල රෝහල ඉදිරිපිට මාර්ගයේ ගිලා බැසීමක් බදුල්ල මහ රෝහල අසළ ප්‍රධාන මාර්ගයේ මාර්ග සංඥා පද්ධතිය පිහිටි ස්ථානයේ අසළ අද (24) ගිලාබැසීමකට ලක් වී තිබේ. 24 March 2019
මුන්නේශ්වරම් පුද බිමේදී කේරළ ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට මුන්නේශ්වරම් පුද බිමේදී කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයෙකු කේරළ ගංජා තොගයක් සමඟ අද (23) අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 23 March 2019
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳත් නැන්දම්මාත් ඝාතනය කරයි තිස්සමහාරාම සදුන් ගම ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පවුලෙන් වෙන්ව ජීවත් වූ සැමියා විසින් ඔහුගේ බිරිඳ සහ නැන්දම්මා අද (23) තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. 23 March 2019
නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනකු අත්අඩංගුවට කරදමුංගු,ළූණු බීජ සහ කෘමි නාශක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (23) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 23 March 2019
ටි.56 ගිණි අවියක් සමඟ ආධුනික යුද හමුදා භටයෙකු අතුරුදන් ගෝමරන්කඩවල නාවුල්ල වනගත යුධ අභ්‍යාසයක යෙදී සිටි ආධුනික යුද හමුදා භටයෙකු හිස් මැගසිනයක් සහ ටි.56 වර්ගයේ ගිණි අවියක් සමඟ අතුරුදහන්වී ඇතැයි ගෝමරන්කඩවල පොලිසිය කියයි. 23 March 2019
ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුන් 6 ක් රෝහලේ බදුල්ල ගගබඩ පාරේදී අද (23) සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුන් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 23 March 2019
ගවයෙකු ගැට ගසා සිටි කඹයේ පැටලී පා පැදිකරුවෙක් මරුට පුරවසන්කුලම මාර්ගය ආසන්නයේ ගවයෙකු ගැට ගසා සිටි කඹයේ පැටලී බරපතල තුවාල ලබා රෝහල් ගතකළ පා පැදිකරුවෙකු අද (23) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 23 March 2019
කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය දුම්රිය ස්ථාන අතර සිරිගම්පල ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 23 March 2019
තලාතුඔය අම්බලම්මාන කන්දේ ගින්නක් තලාතුඔය අම්බලම්මාන කන්දේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතින අතර ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම කඳුකර ප්‍රදේශයේ ඌරන්,ඉත්තෑවන්,හාවුන් සහ මුවන් වැනි සතුන් සිටින බවද ප්‍රදේශවාසීහු කියති. 22 March 2019
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී රෝගාතුර වූ විදේශිකයෙකු මියයයි නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ විදේශීය ජාතිකයෙකු රෝහල් ගත කිරීම සඳහා ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ අද (22) මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි. 22 March 2019
බන්ධනාගාර නිලධාරීන් රැසකට ළඟදීම උසස්වීම් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් ගණනාවකට ළඟදීම උසස්වීම් පිරිනැමීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. 22 March 2019
විදුලි රැහැනේ ගැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ඇළට දාලා ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ ගැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරෙහි අත් පා ගැට ගසා හඳපාන්ගොඩ ගෝනකුඹුර ඇළට දැමූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 22 March 2019
අපරාධ ගණනාවකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට රාතී‍්‍ර කාලයේ නිවාස බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොරා ගත් භාණ් ඩ සමඟ අද (22) දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 22 March 2019
බීඩි කොළ ගෝනි 41 සමඟ තිදෙනෙකු අත්අඩංගුවට තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 22 March 2019
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ ඉරාක ජාතිකයකු අත්අඩංගුවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉරාක ජාතිකයකු අද (22) ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 March 2019
දැරිය අපයෝජනය කළ මවගේ තෙවැනි සැමියා අත්අඩංගුවට බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය කරන ලදැයි කියන දැරියගේ මවගේ තුන්වැනි සැමියා අද (22) කැලේඅමුණුගමදී අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 22 March 2019
ලග්ගල නාරංගමුව විදුහලේ ඉගෙනුම් කටයුතු වැට උඩ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම හේතුවෙන් සිසුහු සහ ගුරුවරු ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 22 March 2019
ට්‍රැක්ටරයේ ගැටී පෙදරේරුවෙක් මරුට මහියංගන - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේ දී ගොයම් කපාගෙන යමින් තිබූ ට්‍රැක්ටරයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ පෙදරේරුවකු මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 22 March 2019
පුත්තලමෙන් එකතු කළ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විනාශ කිරීමට පියවර පුත්තලමේ ප්‍රදේශ කිහිපයක ජනතාව සහ කාර්යාල වල භාවිතා කර ඉවත දැමූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය විසින් එකතු කර එවා විනාශ කිරීම සඳහා ඉන්සි සිමේන්ති සමාගමට භාර දීම අද (21) සිදුකෙරිණි. 21 March 2019
මහියංගන ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විරෝධතාවයක් මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාවාරය අද (21) යෙදි තිබුණ අතර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කර ඇති බවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් රවටා අයුතු ප්‍රයෝජන ලබාගෙන ඇති බවත් චෝදනා කරමින් ගම්වාසිහු පිරිසක් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ. 21 March 2019
කොළඹ ආහාර ප්‍රවර්ධනට විශේෂ ඒකකයක් කොළඹ නගරයේ ආහාර ප්‍රවර්ධන කටයුතු සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි. 21 March 2019
අයි.පී ලෙස රඟ පා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ජපානයේ සහ මෙරට රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රැසකගෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචා කළ පොලිස් බුද්ධි අංශයේ නිලධාරීනියක් ලෙස රඟ පෑ කාන්තාවක් කහතුඩුව නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 21 March 2019
කළුතර නගර සබේ හිටපු වැඩ අධිකාරීට සිව් වසරක සිරදඬුවම් කළුතර නගර සභාවට අයත් වාහන රක්ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 21 March 2019
ජාත්‍යන්තර වනාන්තර දිනයට කල්පිටියේ කඩොලාන සිටුවයි ජාත්‍යන්තර වනාන්තර දිනය සහ, ග්‍රාම ශක්ති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනට සමගාමීව කල්පිටිය කන්දකුලිය සහ පනිඅඩිය ප්‍රදේශයේ හානියට පත් කඩොලාන ශාක වෙනුවෙන් කඩොලාන පැල 1000 සිටුවීම කිරීම අද සිදු කෙරෙණි. 21 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026