(අමදෝරු අමරජිව)
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ විදේශීය ජාතිකයෙකු රෝහල් ගත කිරීම සඳහා ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ අද (22) මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, සිඩ්නිහි පදිංචි ජෝන් චාල්ස් හෝල්ඩර් නැමැති (70) හැවිරිදි පුද්ගලයෙකි.
ශ්‍රි ලංකාවේ සංචාරයකට පැමිණි මෙම විදේශිකයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඥාතීන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර මළ සිරුර නිලාවේලි ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd