( නවරත්න සමරතුංග)
විල්පත්තු වන විනාශය වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අද (24) සවස ඔලුවිල් විශ්ව විද්‍යාලයට අනුබද්ධ සමන්තුර වෝහාරික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් අම්පාර නගරයට පැමිණ පෙළපාලි යමින් උද්ඝෝෂණයක නිරතවූහ.
අම්පාර නගරයේ පන්සල මංසන්ධියට එක් රැස්වූ එම සිසූහු ප‍්‍රධාන වීදිය වන ඩි.එස්.සේනානායක වීදිය ඔස්සේ සිය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔර්ලෝසු කණුව වට රවුමට විත් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
මෙහිදී ප‍්‍රදේශවාසීන් දැනුම්වත් කළ ඔවුන් කියා සිටියේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවන වන විනාශය සිංහල දෙමළ සහ මුස්ලිම් ජනකොටස් වල සෑම කෙනෙකුටම බලපාන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාති වාදී ප්‍රශ්නයක් කරගත්ත ඉවරයක් වෙන්නේ නැහැ, සිංහල අපි කිරැල්ල නකල්ස් කපන්න යද්දිත් ,රිෂාඩ් විල්පත්තු කපන්න යද්දිත් විරෝධය පෑවා