(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර සහ පැල්මඩුල්ල ප්‍රදේශයන්වල පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
කෙසෙලේගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම හේතුවෙන් ගග දෙපස ඉවුරු කඩා වැටිමෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පැවති බව ද වැටලිම සිදු කළ බගවන්තලාව පොලීසිය පැවසීය.
බගවන්තලාව ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ මෙහෙයවා ඇති බවත්, මෙම වැටලිමේදි සැකකරුවන් සන්තකයේ තිබු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා උපයෝගි කර විදුලි මොටර්යක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසීය.


2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල්ගමුඔයේ මැණික් ගරමින් සිටි 6 ක් අත්අඩංගුවට