IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි රැහැනේ ගැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ඇළට දාලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ ගැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරෙහි අත් පා ගැට ගසා හඳපාන්ගොඩ ගෝනකුඹුර ඇළට දැමූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ බටුගම්පොළ ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අටුගෙදර සුමතිපාල නමැති 50 හැවිරිදි තිදරු පියෙකි.
 
මළ සිරුර ගැටගැසීමට යොදාගත් ලණු, එය රැගෙයාමට උපකාර කරගත් රබර් දර පොල්ලක් සහ මියගිය පුද්ගලයාට අයත් ජංගම දුරකථනයක්ද සොයා ගත් බව පොලිසිය පවසයි.
 
ඉකුත් 19වන දින රාත්‍රියේ යතුරුපැදියකින් නිවසින් පිටවූ තම සැමියා දින දෙකක් ගතවුවද නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අද(22) එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.


එම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත  මරණ පරීක්ෂණ කටයුතු පැවැත්විණි.
 
 



අදහස් (0)

විදුලි රැහැනේ ගැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ඇළට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32191 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14664 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 64 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 332 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site