(දයාරත්න ඇඹෝගම)
පුරවසන්කුලම මාර්ගය ආසන්නයේ ගවයෙකු ගැට ගසා සිටි කඹයේ පැටලී බරපතල තුවාල ලබා රෝහල් ගතකළ පා පැදිකරුවෙකු අද (23) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සාලියපුර තෙප්පන්කුලම පදිංචිව සිටි කේ.ඩි.කරුණාරත්න නැමැති 84 හැවිරිදි අයෙකි.
මියගිය පුද්ගලයා පසුගිය 19 වැනි දින සිය නිවසේ සිට පුරවසන්කුලම මාර්ගයේ පා පැදියක යමින් සිටියදී මාර්ගය අසල ගැටගසා සිටි ගවයාගේ ගෙල බැදි කඹයේ පා පැදිය පැටලී ඉන් බිමට ඇද වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd