IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


“බගත්සිංග් පුරම්” ගම්මානය ජනතා අයිතියට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
 
කොත්මලේ එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98 ක් සඳහා ඉදිකළ නව නිවාස 98 කින් යුත් “බගත්සිංග් පුරම්” ගම්මානය ජනතා අයිතියට පැවරීම අද (24) සිදු කෙරිණි.

මෙම ගම්මානය ඉන්දීය රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 98 ක වියදමින් ඉදිකර ඇත.

පර්චස් 7 ක ඉඩමක් සමඟ ජලය, විදුලිය හා මාර්ග පහසුකම් සහිත මෙම අංග සම්පූර්ණ නිවාස සඳහා ජලය විදුලිය ඇතුළු යටිතල පහසුකම් ලබාදී තිබේ.

මීට අමතරව නව නිවාස ගම්මාන, වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 15 ක් ලබා දී ඇත.

මෙම නව නිවාස සඳහා හිමිකම් ඔප්පු ලබාදිම ද අද (24) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, නවීන් දිසානායක, පලනි දිගම්බරන්, ගයන්ත කරුණාතිලක, වී.රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් පිරිසක් සහභාගී වුහ.



අදහස් (0)

“බගත්සිංග් පුරම්” ගම්මානය ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site