IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දැරිය අපයෝජනය කළ මවගේ තෙවැනි සැමියා අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය කරන ලදැයි කියන දැරියගේ මවගේ තුන්වැනි සැමියා අද (22) කැලේඅමුණුගමදී අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලේඅමුණුගම, එප්පාවල පදිංචි 38 හැවිරිදි පෙදරේරුවෙකි.

අපයෝජනයට ලක්ව ඇති මෙම දැරිය සිය මවත්, සැකකරුත් තිදෙනාම ජිවත්වන්නේ කැලේඅමුණුගම ප්‍රදේශයේ නිවසක බව පොලිසිය පවසයි.

දැරියගේ මව, සිය පළමු හා දෙවැනි සැමියන්ගෙන් ද වෙන්ව මෙම සැකකාර තුන්වැනි සැමියා සමඟ එක්ව සිටින්නීය.

සැකකරු මෙම දැරිය වසර කිහිපයක් තිස්සේ අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කරගෙන ඇත්තේ තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරිනියක විසිනි.

ඇය විසින් එප්පාවල පොලිසියට කළ දැනුම්දීමක් මත සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගැනීමට පෙරදින රාත්‍රී ද මව නින්දට ගිය අවස්ථාවේ දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දැරිය අපයෝජනය කළ මවගේ තෙවැනි සැමියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site