IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනකු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

කරදමුංගු,ළූණු බීජ සහ කෘමි නාශක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (23) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

මොවුන් ශ්‍රී ලංකාව සහ විදේශ රටවල් සමඟ මේ ආකාරයට නීතිවිරෝධී ජාවාරම් සිදු කරන කණ්ඩායමක සහායකයින් දෙදෙනකු බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු 39 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අනෙක් ගුවන් මගියා කොළඹ ,මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර  ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශාක නීරෝධනායතන පනතේ නීතිමය විධිවිධාන උල්ලංඝනය කරමින් සහ ආනයනය බලපත්‍ර නොමැතිව ගෙනැවිත් තිබූ මෙම භාණ්ඩ තොගය ඔවුන්ගේ ගමන් මලු තුළ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් බවත් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

 



අදහස් (0)

නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site