IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපරාධ ගණනාවකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි )
 
රාතී‍්‍ර  කාලයේ නිවාස බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොරා ගත් භාණ් ඩ සමඟ අද (22) දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

 
මෙම සැකකරුවන් දෙදෙනා  වැලිකඩ පොලිස් වසමේ දියත උයන අසළ  නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු සවි කර රන් මාල කොල්ලකෑම් සිටි කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
 
නුගේගොඩ පොලිස් අධිකාරී කොට්ඨාසයේ සිදුවන රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප‍්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් පෙර වැරදි තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් මොරගහහේන අතුරුගිරිය දොම්පේ තලංගම වැලිකඩ සපුගස්කන්ද මුල්ලේරියාව හෝමාගම යන පොලිස් වසම්වල සිදු කෙරුණු රන් මාල කොල්ලෑම් සහ රාති‍්‍ර කාලයේ නිවාස බිදුම් ගණනාවකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
 
රන්මාල කොල්ලකෑමට යොදා ගත් යතුරුපැදිය සහ එම යතුරුපැදිය සොරා ගැනීම සදහා පැමිණි යතුරුපැදිය ද සොරා ගන්නා රන් මාල විකුනා ගෙවීමේ ක‍්‍රමයට ලබා ගත් තී‍්‍ර රෝද රථයක් ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර  සොරා ගත් රන් මාල උණු කප රන් කැබැලි කිහිපයක් විදේස් මුදල් කිහිපයක් ද සැකකරුවන් සමග අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
 
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම පනාගොඩ ප5දේහයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි රියදුරෙකු සහ තලංගම මුත්තෙට්ටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි පෑස්සුම් ශිල්පියෙකු ලෙස කටයුතු කළ 38 හැවිරිදි පුද්ගයෙකි
 
 



අදහස් (0)

අපරාධ ගණනාවකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site