IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලග්ගල නාරංගමුව විදුහලේ ඉගෙනුම් කටයුතු වැට උඩ

(කාංචන කුමාර ආරියදාස)
 
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම හේතුවෙන් සිසුහු සහ ගුරුවරු ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 
 
ලග්ගල, රාවණා පරපුරේ සිට පැවත එන ගම්මානයක් ලෙසින් ජනප්‍රවාදයේ සඳහන් ව තිබේ.
 
ලග්ගල පල්ලේගම, ලකේගල නම් වූ ඓතිහාසික ගල පාමුල පිහිටි මෙම පාසලේ හේන් ගොවිතැන ජීවනෝපාය මාර්ගය කරගනිමින් ජීවත් වන ගොවි  පවුල්වල දුවාදරුවෝ 34 දෙනෙක් අධ්‍යාපනය ලබති. ඔවුන් අතර ශිෂ්‍යාවෝ 14දෙනෙක් සහ ශිෂ්‍යයයෝ  20ක් සිටිති. විදුහල්පතිවරයාද සමඟ ගුරුවරු පස් දෙනෙක් මෙහි සේවය කරති.
 
1955 වසරේ ඉදිකරන ලද එකම ගොඩනැගිල්ල එදා සිට මේ දක්වාම අධ්‍යාපනය ලබන ග්‍රාමීය දරුවන්ට සෙවණ දෙන බව මව්පියවරු පවසති. අවස්ථා කිහිපයකදීම දෙමව්පියන් මෙම ගොඩනැගිල්ලේ හුණු  පින්තාරු කරමින් එය පිළිසකර කර ඇත. මෙම පාසැලේ පන්ති කාමර පවත්වාගෙන යෑම සඳහා  ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවත් ගුරු නේවාසිකාගාර දැනටමත් කැඩී අබලන් තත්ත්වයේ පවතින බවත් ගුරුවරු පවසති. මෙම විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක් ද නොමැති අතර පුස්තකාලය අල්මාරියක පවත්වාගෙන යනු ලබයි. දෙමව්පියන්ට පාසැල නඩත්තු කරගෙන යෑම සඳහා   මූල්‍ය පහසුකම් නොමැතිවීම පාසල සංවර්ධනය කරගැනීමට නොහැකි බවද ඔවුහු කියති.
 
මෙම පාසලේ ඉගෙනුම ලබන කුඩා දරුදැරියෝ බොහෝදෙනෙකුට පාසල්යාමට අවශ්‍ය සපත්තු දෙකක් හෝ නොමැත. කිලෝමීටර් දෙකහමාරක් තුනක පමණ දුර ගෙවා වන මැදින් පාසලට පයින් පැමිණෙන කුඩා දරු දැරියෝ ද වෙති. නාරංගමුව ප්‍රාථමික විදුහල සඳහා අක්කර හයක විශාල ඉඩමක් ද පවතී. මුළු ප්‍රදේශයම කැලෑවට යටව ඇත. පාසල පිහිටා ඇත්තේ ද පාළු ප්‍රදේශයකය.
 
මෙම පාසල්වල අඩුපාඩු පිළිබඳව ගැන මාධ්‍යයකින් හෝ හෙළිකිරීමට එහි විදුහල්පතිවරු, ගුරුවරු සහ දෙමවුපිය දැඩි බියක් දක්වති. එසේවුවහොත් අධ්‍යාපන බලධාරීන් පැමිණ පාසල අලුත්වැඩියා කරනවා වෙනුවට විදුහල්පතිවරයා හෝ ගුරු මණ්ඩලයට දොස් නඟමින් ඔවුන් එම විද්‍යාලයෙන් ඉවත් කරන බව දෙමාපියෝ පවසති. මේ හේතුව නිසා දැනට සේවය කරන ගුරුවරුන් කිහිපදෙනා පවා පාසලට ද අහිමි වියහැකි බව  ඔවුහු කියති. 
 
රේඛීය අමාත්‍යාංශයෙන් මෙවැනි පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබා නොදී එය පළාත් සභා පාසලක්  කියා  වෙන් කර තබන අතර පළාත් සභාවලින් මෙවැනි පාසල් දියුණු කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවද ඔවුහු පවසති. 

මෙම කඩා වැටීමට ආසන්න ගොඩනැගිල්ල වෙනුවට  නව ගොඩනැගිල්ලක්, පුස්තකාල ගොඩනැගිල්ලක්, කාර්යාල ගොඩනැගිල්ලක් සහ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට හැකිනම් එය දරුවන්ගේ ඉගෙනුමට උපකාරයක් බව ගුරුවරු සහ දෙමව්පියෝ කියාසිටිති. 

 



අදහස් (1)

ලග්ගල නාරංගමුව විදුහලේ ඉගෙනුම් කටයුතු වැට උඩ

Raveendra Friday, 22 March 2019 06:02 AM

අම්මපා..... කෝ මේ හැබෑටම අපේ මේ අධ්‍යාපන ඇමති, උප අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ඔස්තාර්ලා, අධ්‍යාපන මහෝෂද පණ්ඩිතයෝ ටික. උන්දලාට මේ පුවත කියවීමට සිංහල දැනුම හීන වෙලාද මන්ද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site