(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්නේශ්වරම් පුද බිමේදී කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයෙකු කේරළ ගංජා තොගයක් සමඟ අද (23) අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
මෙම සැකකරු මුන්නේශ්වරම පුද බිමේ ඊශ්වර මහ දේවාලය අසල දෙවියන් වැඳීමට එන බැතිමතුන් වෙත පුජා වට්ටි විකුණන අතර ඔහු ඉතාමත් සුක්ෂමව අවශ්‍ය බැතිමතුන් වෙත කේරළ ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිදු කළ පරික්ෂණයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු සතුව තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 9490 ක් සොයා ගත් බවත් ඒවා කුඩා පැකට් වල අසුරා එකක් රුපියල් 500 ට අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd