(අශෝක තිලකරත්න)
විතාරන්දෙණිය රොටේ පාරේ නිවසක ගෙවත්තේ කොස් ගසක් යට තිබී ජීව අත්බෝම්බයක් හමු වී ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
ගෙහිමි කාන්තාව විසින් මිදුල අතුගාමින් සිටින අතරතුරේ කොස් ගස යට සැක කටයුතු පාර්සලයක් තිබෙනු දැක ඒ බව පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ මෙම බෝම්බය සොයා ගෙන තිබේ.
අම්බලන්තොට විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අද (25) මෙම බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බය හමුවී ඇත්තේ ලදු කැලෑවකදීය. ඉඩම් හිමිකරු ලදු කැලෑව කපමින් සිටියදී මෙම බෝම්බය හමුවී ඇති අතර ඔහු ඒ ආසන්නයේ ඇති යුධ හමුදා කදවුරට ඒ බව දන්වා ඇත. බෝම්බය නිෂ්ක්‍රීය කරනු ලබන්නේ හම්බන්තොට කදවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින්ය.