IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කළුතර නගර සබේ හිටපු වැඩ අධිකාරීට සිව් වසරක සිරදඬුවම්


 
 
(මනෝප්‍රිය ගුණසේකර)
 
කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.                              

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 2500/-ක දඩයකට ද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.                               

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත්කර තැබීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ඩබ්.එම්.ටී.ඩී. බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.                    

විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.               

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරී චේතිය හසිත් මුණසිංහ නමැත්තාටය.                                                  
කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.                                                  
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.

එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.                                                         
ඊට අමතරව විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත්  මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කෙරිණි.
 



අදහස් (0)

කළුතර නගර සබේ හිටපු වැඩ අධිකාරීට සිව් වසරක සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site