වවුනියාවේ හින්දු පුජකවරු-සිවිල් සංවිධාන සත්‍යග්‍රහයක මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළුවන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරම, වවුනියාව හින්දු පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධාන අද (27) වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූහ. 27 March 2019
බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ හාලිඇල උඩුවර රත්මඬවල ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් පස් දෙනෙකු අද (27) බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. 27 March 2019
වැල්ලවාය දෙමාපියෝ ගුරුවරු ඉල්ලා පළාත් සභාවට එති වැල්ලවාය බලහරුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුහිඟයට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා සිසුන්ගේ දෙමාපියන් 300 දෙනෙකු පමණ අද (27) බස්රථ තුනකින් බදුල්ලට පැමිණ ඌව පළාත් සභාව ඉදිරියට රැස්වූහ . 27 March 2019
කාන්තාවක් මරණයට පත්කර පලාගිය මෝටර් රථ රියදුරු අත්අඩංගුවට හොරණ මුනගමදී වයෝවෘද්ධ කාන්තාවක් මරණයට පත්කරමින් මෝටර් රථ අනතුරක් සිදුකර පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. 27 March 2019
නීතිවිරෝධීව වල්ලපට්ටා කැපූ 6 ක් අත්අඩංගුවට උඩුගල කන්ද බුලත්සිංහල රබලිය රක්ෂිත වනයෙන් නීතිවිරෝධීව ඇතුළු වී වල්ලාපට්ට ශාක කපා කොටස් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා ඉංගිරියේ අඩවි වන නිලධරයෝ පවසති. 27 March 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ දී කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2019
වායු සමීකරණ යන්ත්‍ර 30ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට අතුරුගිරිය නගරය ආසන්නයේ ඉදි කරමින් පවතින නවීනතම නිවාස සංකීර්ණයක ගබඩාවක් කඩා එහි තිබූ වායු සමීකරණ යන්ත්‍ර 30ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සහ එම යන්ත්‍ර මිලදී ගත් ව්‍යාපාරිකයකු අද (27) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 27 March 2019
බටපොල වෙළෙඳසලක ගින්නක් - ඇල්පිටිය ගාලු පාරත් වහයි බටපොල නගරයේ තොග වෙළඳ සල අද (26) දින රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 26 March 2019
බුදුපිළිම කැඩූ පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරයට කටුපොත අලහිටියාව විහාරස්ථානයේ පිහිටුවා තිබූ අඩි 3ට ආසන්න බුදු පිළිමයක් කඩා දැමූ පුද්ගලයකු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපේ‍්‍රල් මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය. 26 March 2019
ගිනිඅවියක්, ජීව පතොරොමක් සහ කිණිස්සක් සමඟ දෙදෙනෙක් අල්ලයි ගිනිඅවියක්, ජීව පතොරොමක් සහ කිණිස්සක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුන්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විතාරන්දෙණිය කඳවුරේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු අද(26) අත්අඩංගුවට ගත්හ. 26 March 2019
මංකොල්ලයකට සැරසුණු දෙදෙනෙක් ගිනි අවි - ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට මහා පරිමාණ මංකොල්ලයකට සැරසෙමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩයක් හා රුපියල් 300,000කට ආසන්න මුදලක්ද සමඟ අද(26) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 26 March 2019
ප්‍රවේශපත්‍ර නොදෙන බස්රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර බස්නාහිර පළාතේ අප්‍රේල් 1දා සිට මගීන්ට ප්‍රවේශපත්‍ර ලබානොදෙන මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි. 26 March 2019
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි විරෝධතාවක් බෝමිරිය ජාතික පාසලේ විදුහල්පතිවරයා වහාම ඉවත් කර පරිපාලනයට දක්ෂ නව විදුහල්පතිවරයෙක් පත් කරන්නැයි බලධාරීන්ට බල කරමින් අද (26) මව්පියෝ උද්ඝෝෂණයක් කළහ. 26 March 2019
හොරෙන් ජලය ගත් ව්‍යාපාරිකයකුට දඩ මහල් 6 කින් යුත් සිය ව්‍යාපාරික ආයතනයට වසර හතරක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් කෝටිපති ව්‍යාපාරිකයකුට මණ්ලයට අහිමි කළ ආදායම වෙනුවෙන් රුපියල් 716,565 ක දඩ මුදලක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ලය පවසයි. 26 March 2019
බෑනා පහර දී මාමා මරුට ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් බෑනාගෙන් පහර කෑ පුද්ගලයකු අද(26) මිය ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පිළියන්දල පොලිසිය කියයි. 26 March 2019
වී කිලෝවට සහතික මිලක් ඉල්ලා ගොවියෝ උපවාසයක වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 50 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මහවැලි බී කලාපයේ ගොවි අයිතීන් සුරකීමේ ඒකාබද්ධ සංවිධානය අද (26) පෙරවරුවේ වැලිකන්ද සෙවනපිටිය නගරයේ අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ. 26 March 2019
කාබන් බද්දට විරෝධය පා රථ පෙළපාලියක් රජය විසින් වාහන සඳහා පනවා ඇති කාබන් බද්දට විරෝධය පළ කරමින් රථ පෙළපාලියක් අද (26) ඉමදූව නගරයේදී පැවැත්විණි. 26 March 2019
මාතලේ දේපල අහිමිවූවන්ට මෙවර අයවැයෙන් වන්දි මහනුවර යාපනේ ඒ9 මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරිමේදී මාතලේ නගරයේ දේපල අහිමි වු හා දේපලවලට හානි වූ ජනතාවට මෙවර අයවැයෙන් වන්දි ලබාදිමට අවශ්‍ය පියවරගෙන ඇතැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය. 26 March 2019
ඌවපරණගම රක්ෂිතයේ වනවගාවක ගින්නකින් අක්කර 5 ක් විනාශයි ඌවපරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි රජයේ වන වගාවක අද (26) දහවල් ඇතිවු හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර පහක් පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇතැයි ඌවපරණගම පොලීසිය පවසයි. 26 March 2019
බීඩි කොළ තවත් කිලෝ 100 ක් ඌරුමලෙන් සොයා ගනී ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ බීඩි කොළ කිලෝ 100ක් තලෙයිමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේදී අද (26) සොයා ගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි. 26 March 2019
ගාල්ල උළුවිටිකේ සිසුහු විරෝධතාවයක දැනට වසා දමා ඇති ගාල්ල උළුවිටිකේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස සහ සිසු මර්දනය නවත්වන ලෙස බලධාරීන්ට බලකරමින් විරෝධතාවයක් අද (26) කරාපිටිය නගරයේ දී පැවැත්විණි. 26 March 2019
ඌවේ සෞඛ්‍ය සේවකයෝ වැඩ වරති කරුණු කීපයක් මුල්කරගෙන ඌව පළාතේ පළාත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 58 ක සේවකයින් අද (26) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 26 March 2019
අක්මීමණ ගින්නකින් වෙළඳසැල් දෙකක් විනාශයි අක්මීමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අද (26) ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 26 March 2019
ඉන්ධන පිරවුම්හලකින් මුදල් කොල්ල කාලා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්හලෙන් අද (26) රුපියල් 10,000ක මුදලක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 26 March 2019
යාගොඩදී ජිප්රියක් දුම්රියක ගැටී අයකුට තුවාල ගම්පහ - ගණේමුල්ල අතර යාගොඩ දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කළ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරකට පත්ව අයෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ. 25 March 2019
බසය පාරෙන් ඉවත පනී : 15 ක් රෝහලේ රන්දෙනිගල සිට හසලක කොළොන්ගොඩ දක්වා ගමන් කරමින් තිබූ පාසල් ලංගම බස් රථයක් අද (25) පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 25 March 2019
අනාරක්ෂිත මාර්ගයක් නිසි ලෙස සකසන්නැයි උද්ඝෝෂණයක් නිරන්තරයෙන් මාරාන්තික අනතුරු සිදුවන වලපනේ, මහ ඌව වංගුව සහිත ස්ථානයට සුදුසු ආරක්ෂිත ක්‍රමවේදයක් සකස්කර දෙන මෙන් ඉල්ලා ගම්වැසියෝ අද (25) උද්ඝෝෂණයක් කළහ. 25 March 2019
නීතී විරෝධීව ගෙන් වූ සිගරට් සමඟ අයෙක් අත්අඩංගුවට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 560ක් සමග සැකකරුවෙකු ගාල්ල පොලිසිය මගින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත. 25 March 2019
කටුගස්තොට තේක්කවත්ත කුණු කන්දත් නායයයි මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක් කසළ බැහැර කිරීම සඳහා භාවිත කරන කටුගස්තොට තේක්කවත්ත නමැති ඉඩමේ පිහිටි කසළ කන්දේ කොටසක් නාය යෑමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 25 March 2019
නීතී විරෝධීව මසුන් ඇල්ලීමට ගත් දැල් ආම්පන්න අත්අඩංගුවට මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා මසුන් අල්ලන ප්‍රදේශයන්හි කළ වැටලීමකදී නීතිවිරෝධී දැල් ආම්පන්න 100 කට අධික ප්‍රමාණයක් සහ මාළු කිලෝ 60ක් පමණ අත්අඩංගුවට ගත් බවට මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය පවසයි. 25 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026