IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාතලේ දේපල අහිමිවූවන්ට මෙවර අයවැයෙන් වන්දි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මහනුවර යාපනේ ඒ9 මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරිමේදී මාතලේ නගරයේ දේපල අහිමි වු හා දේපලවලට හානි වූ ජනතාවට මෙවර අයවැයෙන් වන්දි ලබාදිමට අවශ්‍ය පියවරගෙන ඇතැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

අලුවිහාරේ මහතා මෙසේ පැවසුවේ මාර්ග සංවර්ධනයේ දී  දේපල අහිමි වූ හා දේපල සඳහා හානිවු මාතලේ නගරයේ වෙළදසැල් හා නිවාස හිමියන් වෙත 2019 අයවැය මගින් රජය විසින් තක්සේරු කරන ලද වන්දි ලබාදිමට පියවරගෙන ඇති බවට ඔවුන් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක්වෙමිනි.

වන්දි මුදල් ලෙස රුපියල් මිලියන 518 ක මුදලක් දේපල අහිමිවූ පුද්ගලයින් 434 වෙත තම ඉල්ලීම මත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ලබාදිමට අවශ්‍ය පියවරගෙන ඇතැයි සදහන් කළේය .

මාතලේ  ප්‍රාදේශීය ලේකම් කේ පි මධුවන්ති මහත්මිය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් චිත්‍රාරංජන හදරාගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ. 



අදහස් (0)

මාතලේ දේපල අහිමිවූවන්ට මෙවර අයවැයෙන් වන්දි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site