ගණිකා නිවාස 43 ක් වටලා 82 ක් අත්අඩංගුවට ගම්පහ දිස්ත්‍රික්කයේ කළ විශේෂ වැටලීමකදී සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස සහ නිත්‍යනුකූල බලපත් නොමැති අයුර්වේද මධ්‍යස්ථාන 43 ක් වටලා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 82 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 01 April 2019
දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට තම පහළොස් හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය පවසයි. 01 April 2019
බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බලපත්‍ර නොමැති ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අද (01) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි. 01 April 2019
අකුණු සැර වැදී හල්දුම්මුල්ලේ දෙදෙනෙකු රෝහලේ අකුණු සැර වැඳීමෙන් හල්දුම්මුල්ල කොස්ලන්ද දියහිටිතැන්න නිවසක් අද (31) විනාශ වූ බවත් එහි සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කළ බවත් හල්දුම්මුල්ල අපදා කළමනාකරණ ඒකකය පවසයි. 31 March 2019
තෙවසරක දී 36,995 කට ද්විත්ව පුරවැසිභාවය වසර 3 ක් තුළ පුද්ගලයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 31 March 2019
ගාලු කොටුව කසලවලින් තොර කිරීමේ වැඩසටහනක් හෙට සිට ලෝක උරුමයක් වන ගාල්ල කොටුව කැළිකසලින් තොර කලාපයක් කිරීමේ වැඩසටහනක් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ගාලු උරුමය පදනම පවසයි. 31 March 2019
අවසන් පරීක්ෂණ දුම්රිය බෙලිඅත්තට ඉදිකිරීම් අවසන් කර ඇති මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය අද (31) මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණියහ. 31 March 2019
ශ්‍රී පාද රක්ෂිතය මායිමේ ගින්නක් නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහළින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව ඇති කැලෑ ප්‍රදේශයේ අද(31ඇතිවූ හදිසි ගින්නකින් එහි අක්කර 05 ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 31 March 2019
විදුලි කප්පාදුවට එරෙහිව හල්දුම්මුල්ලවාසීන් උද්ඝෝෂණයේ විදුලි කප්පාදුව, ගම්මිරිස් මිල පහත වැටීම හා හල්දුම්මුල්ල වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් අද(31) හල්දුම්මුල්ල හාල්අටුතැන්නේදී පැවැත්විණි. 31 March 2019
දෙමෝදර රෝහල විවෘත කරන්නැයි ඉල්ලා ජනතාව වීදි බසිති බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දෙමෝදර නගරයේ දී අවහිර කරමින් අද (31) ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. 31 March 2019
ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයකු මරුට යාපනය කොඩිකාමම් , පූතූර් මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් අද (31) අත්ට්‍රැක්ටරයක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි චාවකච්චේරිය පොලිසිය පවසයි. 31 March 2019
ජීව අත්බෝම්බයක් සමඟ හිටපු හමුදා භටයකු අත්අඩංගුවට ජීව අත් බෝම්බයක් සමඟ හිටපු හමුදා භටයකු යකල්ල ප්‍රදේශයේ නිවසකදී අද (31) අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි. 31 March 2019
බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරයකු දිවුල්වැව දී අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි. 31 March 2019
විද්‍යුත් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ 9 ක් අත්අඩංගුවට විද්‍යුත් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයකු ඇතුළු 9 දෙනෙකු රුපියල් 70,000 ක් වටිනා හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම හා හොරණ දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 31 March 2019
ගිනිඅවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වැලිපැන්න ප්‍රදේශ දෙකකදී ගිනි අවි, ගුවන් යානා නාශක උණ්ඩ, ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ හා තියුණූ ආයුධ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 31 March 2019
නිවාස බිඳ දේපළ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට මත් කුඩු පානයට මුදල් සෙවීම සඳහා නිවාස බිඳ දේපල සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු සොරාගත් රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා දේපල තොගයක් සමඟ අද (30) අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 30 March 2019
පිරිමි අයෙකුගේ මළ සිරුරක් නිල්වලා ගඟේ පිටබැද්දර දං කොළුව ප්‍රදේශයේ නිල්වලා ගඟේ පාවෙමින් තිබූ මළසිරුරක් අද (30) සොයාගත් බව පිටබැද්දර පොලිසිය කියයි. 30 March 2019
විල්පත්තු - සිංහරාජ වන සංහාරය වළක්වන්නැයි ඉල්ලා ඇඹිලිපිටියේදී විරෝධතාවයක් විල්පත්තු - සිංහරාජ ඇතුළු වන සංහාරය වහා නතර කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටියේ තරුණ සංවිධානය විසින් සංවිධානය කළ පාගමනක් සහ විරෝධතාවයක් අද (30) ඇඹිලිපිටිය නගරයේ දී පැවැත්විණි. 30 March 2019
තේක්ක දැව කඳන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට පන්නල යක්විල - සිරිපැල්ල ප්‍රදේශයේදී අද (30) තේක්ක දැව කඳන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 30 March 2019
ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණයට මුල්ගල තැබේ ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණය අවට කිසිදු වෙළෙඳ සංකීර්ණයක් හෝ තවත් ආර්ථික මධ්‍යස්ථානක් ඉදි නොකරන බවත් මෙම ස්ථානයේ ගොවීන්ගේ එළවළු සහ පළතුරු උෂ්ණත්ව සහ තෙතමන පාලනය කිරීමේ කාර්යභාරය පමණක් ඉටු කරන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (30) දඹුල්ලේ දී පැවසීය. 30 March 2019
විල්පත්තු වන සංහාරය වළකන ලෙස ඉල්ලා උද්ඝෝෂණ - පෙලපාලි බදුල්ලේදී විල්පත්තු වන සංහාරය ඇතුලු පරිසර හානි වලක්වන ලෙසට රජයට බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් හා පෙලපාලියක් බදුල්ල නගරයේදී අද (30) පැවැත්විණ. 30 March 2019
බන්ධනාගාර බස් රථ අනතුරින් රියරුදු හා නියාමක රෝහලේ මොණරාගල බන්ධනාගාරයට අයත් බන්ධනාගාර බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන වේල්ලේ හැපීමෙන් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් බන්ධනාගාර නියාමකවරයෙකු ඉන් එළියට විසිවී තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කොට ඇති බව ඇල්ල පොලීසිය පවසයි. 30 March 2019
හැඹිලි දැලෙන් මසුන් මැරූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට හැඹිලි දැල් භාවිතයෙන් රාත්‍රී කාලයේ මසුන් මරමින් සිටි ධීවරයන් 14 දෙනෙකු, ධීවර යාත්‍රා 2ක් සහ හැඹිලි දැල් කට්ටල 2ක් සමග අද (30) අලුයම කල්පිටිය දලුව මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලයට භාර දී ඇත. 30 March 2019
වස්ගමුව වනෝද්‍යානයේ ගංජා හේනක් වටලයි වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වගාකර තිබූ ගංජා හේනක් අද (29) වැටලූ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. 29 March 2019
රොක්හිල් රක්ෂිතයේ ගින්නක් බදුල්ල, ඉඹුල්ගොඩ ගම්මානයට ඉහළින් පිහිටි රොක්හිල් රක්ෂිතයට අද (29) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 29 March 2019
බිරිඳගේ පොරෝ පහරින් සැමියා මරුට පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ විසින් පොරවකින් පහර දී සිය සැමියා අද(29) ඝාතනය කර ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි. 29 March 2019
ඉඹුල්ගොඩ ගල්කන්දේ ගින්නක් බදුල්ල ඉඹුල්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ විශාල ගින්නක් පැතිර යමින් තිබේ. 29 March 2019
වස විස නැති පොළ හෙට සිට දින තුනක් ශ්‍රී ලංකා ජාතික මහ සභාව, ශ්‍රී ලංකාවේ කාන්තාවනගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය හා එක්ව සංවිධානය කරන වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය හෙට (30) සිට අප්‍රේල් 1 වැනි දා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ඡාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. 29 March 2019
පාසල් දරුවන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට පාසැල් දරුවන් ඉලක්ක කරගෙන මත්පෙති විකුණූ පුද්ගලයකු මත්පෙති 6660ක් සමඟ අද(29) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 29 March 2019
ගිනි අවියක්, ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තණමල්විල කුඩාඔය මහආර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ එස්. ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලීසිය පවසයි. 29 March 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026