IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාලු කොටුව කසලවලින් තොර කිරීමේ වැඩසටහනක් හෙට සිට

(සිරංගිකා ලොකුකරවිට)
 
ලෝක උරුමයක් වන ගාල්ල කොටුව කැළිකසලින් තොර කලාපයක් කිරීමේ වැඩසටහනක් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ගාලු උරුමය පදනම පවසයි.
 
මේ සම්බන්දව අදහස් දක්වමින් එම පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනආරච්චි මහතා පවසන්නේ කොටු බැම්මේ අවිධිමත්ව කසල බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි. 
 
පරිසර පොලිසිය හා එක්ව මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
 
කොටු බැම්මේ තැන තැන දමා ඇති කසල එකතු කිරීම සඳහා සේවකයෙකු යොදවා ඇති අතර කොටුව ඇතුලත ස්ථාන කිහිපයක කසල බඳුන් තබා ඇත.
 
මේ අනුව අප්‍රේල් පළමුවැනිදා සිට අවිධිමත්ව කසල බැහැර කරන්නන් නිරීක්ෂණය කර නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තරංග මහතා පවසයි. සංචාරකයින් බැහැර කරන කැලිකසල හේතුවෙන් පසුගිය කාලයේ කොටුව ඇතුලත දැඩි ලෙස අපවිත්‍රව පැවති බව පවසන තරංග මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ ලෝක උරුමයක් වන ගාල්ල කොටුව සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් ලෙස සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර අනුගමනය කරන්නට සිදුවී ඇති බවයි.
 
කොටුව ඇතුළට කසල රැගෙන නොඑන ලෙසත් රැගෙන එන කසල විධිමත්ව බැහැර කරන ලෙසත් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ගාලු උරුමට පදනම ඉල්ලා සිටී.
 



අදහස් (0)

ගාලු කොටුව කසලවලින් තොර කිරීමේ වැඩසටහනක් හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14689 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site