රිය අනතුරකින් 3 ක් රෝහලේ බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේදී අද (7) වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩරවෙල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 07 April 2019
කැබ් රිය නිවසකට කඩා වැදී සිව් දෙනෙක්ට තුවාල ගලිගමුව අලවත්තැන්නේ දී සෆාරි ජීප් රථයක් නිවසකට කඩාගෙන ගොස් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. 07 April 2019
දකුණූ සුපිරි මඟේ අනතුරකින් ආරක්ෂිත වැටට හා ලොරියට හානි ගෑස් සිලින්ඩර් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 28 දොඩන්ගොඩ ප්‍රදේශයේ දී ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී අනතුරට පත් වීමෙන් ආරක්ෂිත වැටට හා ලොරියට බරපතල අලාභ හානි වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි. 07 April 2019
යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට ගාල්ල කොළඹ මහා මාර්ගයේ කහව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියක් ලොරි රථයක හැපිමෙන් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි. 07 April 2019
ඕමන්තේ නිවසක් ගිනි ගැනීමකින් විනාශයි වව්නියාව ඕමන්ත පරනට්ටකල් ප්‍රදේශයේ පිහිටි නිවසක් හදිසියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි. 07 April 2019
ඌවේ සෞඛ්‍ය වර්ජනය අවසන් ඌවේ රෝහල්හි සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ . 07 April 2019
වන විනාශයන් පිටුදැකීමේ විරෝධතාවක් පොළොන්නරුවේදී මේ රට තුළ සිදුකෙරෙන නොයෙක් අන්දමේ වන විනාශයන් පිටුදැකීම සඳහා නොපමාව ක්‍රියාකරන ලෙස පාලකයින්ට බල කරමින් මහසංඝරත්නය ඇතුළු මහජනතාව 500කට අධික පිරිසක් අද (06) පොළොන්නරුව නගරයේදී විරෝධතාවක නිරත වුහ. 06 April 2019
වෑන් රථයක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට අනුරාධපුර පුත්තලම මාර්ගයේ 38 වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් දෙදෙනෙකු වෑන් රථයක ගැටීමෙන් අද (06) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 06 April 2019
හෙරොයින් ජාවාරමේ නියුතු අයෙක් අත්අඩංගුවට ගල්කිස්ස පොලිස් වසමේ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් කැට 27 ක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. 05 April 2019
පේදුරුතුඩුව පොලිසියේ සර්ව ආගමික පූජා මන්දිරයක් ඉදි කෙරේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි සර්ව ආගමික පූජා මන්දිරයක් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් සහ පොලිස් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේදී ඉදි කරනු ලැබීය. 05 April 2019
සත්ත්ව හම් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දිවි හම් දෙකක් බවට අනුමාන කෙරෙන සත්ත්ව හම් දෙකක් පොලිස් උපාය දූතයකු යොදවා අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය පවසයි. 05 April 2019
ඇල්ල - කුඹල්වෙල කඳුවැටියේ ගින්නක් ඇල්ල කුඹල්වෙල හෙලහල්පේ භාවනා මධ්‍යස්ථාන අසපුව කඳුවැටියේ අද (5) ඇතිවූ හදිසි ගින්නකින් එම කඳුවැටියේ අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. 05 April 2019
නවකවධ සිද්ධියට රිමාන්ඩ් කළ සරසවි සිසුන් 12 දෙනාට ඇප නවකවධ සිද්ධියක් මුල්කරගනිමින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 12 වෙනුවෙන් කුලියාපිටිය පළාත්බද මහාධිකරණයෙන් කළ ඇප අයැදුම සළකා බැලූ මහාධිකරණ විණිසුරු ජගත් කහඳගමගේ මහතා එක් අයකුට රුපියල් 250,000 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මුදාහැරීමට ලබාදී තිබූ ඇප නියෝගය කියවා දෙමින් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (5) නියම කළාය. 05 April 2019
පාරක් හදන්නැයි අරලංගවිල වැසියෝ උද්ඝෝෂණයක් මාස ගණනාවක් සිට ඉදිරිකිරිම් අතර මග නවතා ඇති මාදුරුඔය පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට බල කරමින් අරලගංවිල ප්‍රදේශවාසින්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් අද උද්ඝෝෂණක් පැවැත්වුහ. 05 April 2019
කොතලහිඹුටු කැබලි 26ක් සමඟ අයෙක් අත්අඩංගුවට උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගයේ වලවේගම හන්දියේදී කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී මල් බඳුන් අයුරින් සකසන ලද කොතලහිඹුටු කැබලි 26ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි. 05 April 2019
අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 18 ක් අත්අඩංගුවට උතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්මින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 April 2019
ඇල්ල රක්ෂිතයක ගින්නනකින් අක්කර 25 ක් විනාශයි ඇල්ල කුඹල්වෙල පයිනස් වගා රක්ෂිතයේ අද (5) ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 25 ක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 05 April 2019
අධිවේගයේ වැඩබිමකින් ඩීසල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් තොගයක් සමග සැකකරුවකු අද(05) අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර දිසා මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීහු පවසති. 05 April 2019
කිලෝ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අල්ලයි කුරුණෑගල සිට මඩකලපුවට කිලෝ දෙකක කේරලා ගංජා තොගයක් රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 April 2019
නිධානයක් හැරීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවට කාන්තාවක් විසින් මෙහෙයවන ලද නිධන් කොල්ලයක් මැදියම් රැයේ දී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 05 April 2019
කුඹල්වෙල කන්දක ගින්නක් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ කුඹල්වෙල මංසන්ධියට ඉහළ කොටසේ ගින්නක් මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතී. 05 April 2019
නිධන් හැරීමට ගිය හමුදා භටයකු ඇතුළු අයෙක් අත්අඩංගුවට සියඹලෑව තුලානේ රජයේ රක්ෂිත ඉඩමක නිධන් වස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි යුද හමුදා භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලිසිය කියයි. 05 April 2019
කටුනායක දී ගංජා තොගයක් අත්අඩංගුවට ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 04 April 2019
සබරගමු සරසවි සිසුහු විරෝධතාවයක සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (4) පඔහින්න මංසන්ධියේ දි විරෝධතාවයේ නිරතවුහ. 04 April 2019
ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ව්‍යාජ නෝට්ටු තොගයක් සන්තකයේ තබා ගෙන සිටි අයෙකු අද (04) දහවල් තංගල්ල නගරයේදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 April 2019
කොළඹ නගරයේ ආහාර පරීක්ෂාවට එක්කෙනයි කොළඹ නගරයේ පවතින ආපනශාලා ඇතුළු ආහාර අලෙවි කරන ස්ථාන දහසකට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සිටිනුයේ එක් ආහාර පරීක්ෂකවරයකු බව නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 04 April 2019
ගුරුවරයකු ඉල්ලා බිබිලෙන් මානව හිමිකම් කොමිසමට බිබිල ඉළුක්කැපූතැන්න කණිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියට ගුරුවරයකු නොමැතිවීමෙන් පාසල් දරු දැරියන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් පියකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබ ඇත. 04 April 2019
නානුඔය රදැල්ල මාර්ගය 6වැනිදා සිට 8 දක්වා වසා දැමේ නුවරඑළිය - හැටන් මාර්ගයේ නානුඔය, රදැල්ල මාර්ගය අප්‍රේල් 06 සිට 08 දක්වා වසා තැබෙන බව නානුඔය පොලීසිය පවසයි. 04 April 2019
පාරක් හදන්නැයි වීරකැටියේ ගැමියෝ පාරට බසිති වීරකැටිය පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා නොදෙන බව කියමින් එයට විරෝධය දක්වා ගම්වාසීහු පිරිසක් අද (04) බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ. 04 April 2019
කොල්ලකරුවෝ අබරණ කොල්ල කා පලා යති කඩුවෙල නගරයේ රන් අබරණ වෙළඳසැලකට අද (4) ගිනි අවි රැගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ ගණනාවක රන් ආභරණ කොල්ලකා යතුරු පැදියකින් පලාගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. කොල්ලකෑ රන් ආභරණ අතර කරමාල, තැලි සහිත මාල හා අත්පළදනා ද වන බව පොලිසිය කියයි. 04 April 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026