IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නවකවධ සිද්ධියට රිමාන්ඩ් කළ සරසවි සිසුන් 12 දෙනාට ඇප

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                               
            
නවකවධ සිද්ධියක් මුල්කරගනිමින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 12 වෙනුවෙන් කුලියාපිටිය පළාත්බද මහාධිකරණයෙන් කළ ඇප අයැදුම සළකා බැලූ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා එක් අයකුට රුපියල් 250,000 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මුදාහැරීමට ලබාදී තිබූ ඇප නියෝගය කියවා දෙමින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (5) නියම කළාය.

එහිදී මහාධිකරණයෙන් නිකුත් කර තිබූ ඇප නියෝගයේ කොන්දේසි ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කියවා දුන් අතර ඇපකරුවන් සැකකරුවන්ගේ සමීප ඥාතීන්වීම අනිවාර්ය බවත් ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරන ලියවිලි විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත‍්‍රාත්වරිය කළාය.

ඇප ලැබීමෙන් පසුව සිදුවීම හා රක්‍ෂිත බන්ධනාගාර ගතවීම සම්බන්ධව විශ්වද්‍යාලයීය සිසුන්ගේ දේශන හා අධ්‍යයන කටයුතුවලට බාධා ඇතිවන අන්දමින් හෝ පරිපාලනයට අවහිර වන කිසිදු සිදුවීමක් වාර්තා වුවහොත් නඩුකටයුතු අවසන් වන තෙක් රක්‍ෂණ බාරයේ තැබීමට අධිකරණය කටයුතු කරන බවත් නියෝගයේ වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය. 

එසේම සැකකාර සරසවි සිසුන් සියලූ දෙනා අමතමින් විධිමත් අධ්‍යාපනයක් ලබා සරසවි වරම් ලබන්නේ ඉතා සීමිත පිරිසක් බැවින් අන් අයට තිබූ අවස්ථාවන් අහිමි කරමින් තමන්ගේ වාසනාගුණ මහිමයට ලද එම අවස්ථාව උපයෝගී කරගනිමින් විවිධ පුද්ගල කණ්ඩායම් අරමුණු වෙනුවෙන් නොව හරිහැටි කුසට අහරක් නොගෙන දරුවන්ගේ ජයග‍්‍රහණයම අපේක්‍ෂා කරමින් කඳුලූ හා දහදිය හෙලන දෙමාපියන්ගේ අවශ්‍යතාවයන් හා බලාපොරොත්තු ඉටුකිරීමට වගබලාගන්නා ලෙසත්, විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයෙන් පසුව සියලූදෙනා යහපත් පුරවැසියන් ලෙස රටට සේවය කළයුතු බව සිත්හි තබාගෙන කටයුතු කළයුතු ලෙසටත් මහේස්ත‍්‍රාත් ජනනී විජේතුංග මහත්මිය  අවවාද කළේය.

එමෙන්ම විත්තිකූඩුව විධිමත් අධ්‍යාපනයක් ලද මනසින් වර්ධනය වූවන්ට අනිසි ස්ථානයක් බැවින් නැවත වෙනත් අවස්ථාවකදී හෝ එම විත්තිකූඩුවට වෙත නොයන්නට වැඩකටයුතු සිදුකරන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය එහිදී සිය අවවාදයේ දී වැඩිදුරටත් සැකකරුවන්ගේ අවධානයට ලක් කළාය.

විවෘත අධිකරණයට ඇපකරුවන් කැඳවා හඳුනාගැනීමෙන් පසුව අධිකරණ භාෂණ පරිවර්ථක ආරියරත්න මහතා මගින් ඇපකරුවන් ඇමැතූ විනිසුරුවරිය සියලූම දෙනා මේ වනවිට අත්සන් තබන්නට සූදානම් වන්නේ රුපියල් දෙලක්‍ෂ පනස්දහස බැගින් වූ ඇපයකට බව සිහිතබාගත යුතු බවත් එක් නඩු වාරයකදී හෝ සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇප මුදල් රාජසන්තක කිරීමට සිදුවන බවත් සඳහන් කළාය.

වයඹ සරසවි ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනෙකු එලෙසින් මහාධිකරණ ඇප නියෝගයට අනුව මහේස්ත‍්‍රාත්වරිය විසින් අද (5) දැඩි කොන්දේසි මත මුදා හැරියහ. වැඩිදුර විභාගය සඳහා නඩුව අපේ‍්‍රල් මස 10 යළි කැඳවීමට නියමිතය.

නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා, පොලිස් පරීක්‍ෂක ආනන්ද යන මහත්වරුන් ද සැකකාර සිසුන් වෙනුවෙන් නීතිඥ චම්පික ලසිතකුමාර, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ද පෙනී සිටියහ.



අදහස් (0)

නවකවධ සිද්ධියට රිමාන්ඩ් කළ සරසවි සිසුන් 12 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32227 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14707 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 70 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 346 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1265 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site