IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරක් හදන්නැයි වීරකැටියේ ගැමියෝ පාරට බසිති

(අනීෂා මානගේ)
වීරකැටිය  පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා නොදෙන බව කියමින් එයට විරෝධය දක්වා ගම්වාසීහු පිරිසක් අද  (04) බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය දකුණු මුල්කිරිගල ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් අවහිර කළ විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වූහ.

වීරකැටිය දකුණු මුල්කිරිගල පුහුල්හේන හරහා කඩවල ගම්මානය දක්වා වැටී ඇති කිලෝමීටර හතරක පමණ දිගින් යුතු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන මහතා විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් වීරකැටිය ප්‍රාදේශීය සභාවට ලබා දී ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.

එම මුදලින් පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබා නොදෙන බව ගම්වාසීහු කියති.
ගම්වාසීන් පවසනුයේ  වසර විස්සක පමණ කාලයක සිට මුල්කිරිගල පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කිසිවෙකුත් ක්‍රියා කර නොමැති බවයි. මාර්ගය ඉතා අබලන් තත්ත්වයේ පැවැතීම නිසා එහි පයින් ගමන් කිරීමද අපහසු වී ඇතැයි ඔවුහු පැවසූහ

විරෝධතාව පැවැති ස්ථානයට දකුණු පළාත් සභා අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන මහතාද පැමිණ සිටියේය. පුහුල්හේන මාර්ගයේ ගමන් කිරීම අපහසු බැවින් එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගම්වාසීන් තමාගෙන් ඉල්ලීමක් කළ බවද මේ හේතුවෙන් තම අමාත්‍යංශය හරහා දැනට දින පහළොවකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ දහයක් වෙන් කළද එයට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු කීවේය. 

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, 

පළාත් නිශ්චිත සහ උපමාන බාධක යටතේ වීරකැටිය ප්‍රාදේශීය සභාවට මුදල් ලැබී තිබෙනවා පළාත් සභාවෙන්. ඒ මුදල් අපි යොදවන්න ඕනෑ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා අනුව ඒවායින් වඩාත් වැදගත් යෝජනාවලට ප්‍රමුඛස්ථානය ලබා දීමෙනුයි. මේ ලබා දුන්නායැයි කියන මුදලින් එක් මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්න නම් කර එවා තිබෙනවා. නමුත් ඒ විදියට සභාවට නම් කර මුදල් එවන්න බැහැ. එය නීත්‍යානූකූල නැහැ. සභාවට එවන සෑම මුදලක්ම මහ සභාවේදී මම ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුවයි අත්‍යවශ්‍ය යෝජනා අනුව ඒ මුදල් වෙන් කිරීම සිදුකරන්නේ.

 



අදහස් (0)

පාරක් හදන්නැයි වීරකැටියේ ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site