‘මුතු පන්තිය‘ රැකගන්න වැලි කොට්ට අතුරති ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ පිහිටි මුතු පන්තිය දුපතෙහි අධික මුහුදු රළ හේතුවෙන් වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බව කියයි. 11 April 2019
අත්අඩංගුවට ගන්න ගිය අයෙක් කොස්තාපල්ට උදැල්ලෙන් පහර දෙයි යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු මතුගම ඇල්ල පාර අසලදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් කොස්තාපල්වරයකුට උදැල්ලකින් පහරදී පලාගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි. 11 April 2019
උත්සව සමයේ කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2400 ක් අලුත් අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන රාජකාරි වෙනුවෙන් 2400 ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. 10 April 2019
අතුරුගිරිය වානේ සංස්ථාවේ ඇති වූ ගින්නකින් දෙදෙනෙකු රෝහලේ අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථාවේ තෙල් ටැංකියක අද (10) සවස ඇති වූ පිපිරීමකින් සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි. 10 April 2019
සතුන් දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට හම්බන්තොට බදගිරිය තම්මැන්නාව අනුක්කන් වැව ආසන්නයට දිය බීමට පැමිණි තිත් මුවෙක් හා ඉත්තෑවෙක් දඩයම් කළ පුද්ගලයෙකු හා මස් විකිණිමේ නිරත වූ පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී කේ.ජී සමන් පාලිත මහතා කීය. 10 April 2019
185 වන උදාගම ජනතා අයිතියට උදාගම්මාන වැඩ සටහන යටතේ ජනතා අයිතියට පත්වන 185 වන උදාගම කල්පිටිය මණ්ඩල්කුඩා ’’මීලාදුන් නබී ග්‍රාමම් ’’ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද ( 10) ජනතා අයිතියට පත්කෙරිණි. 10 April 2019
ලක්ෂ දෙකක මත්ද්‍රව්‍ය සමඟ 4ක් අත්අඩංගුවට මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේදී ලක්ෂ දෙකක පමණ වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය රැසක් සමඟ කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශය පවසයි. 10 April 2019
රුහුණු සරසවි සිසුහු උද්ඝෝෂණයක රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට එල්ල කළ මැර ප්‍රහාරයකට විරෝධය පා සිසුහු අද (10) මාතර නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ. 10 April 2019
රිය අනතුරකින් අයෙක් මරුට මින්නේරිය සිපිපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිස්පස් හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇතිබව මින්නේරිය පොලිසිය කියයි . මියගොස් ඇත්තේ මින්නේරිය වෝටවාඩිය ගම්මානයේ පදිංචි අයකි . 10 April 2019
රිවෝල්වරයක් - ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් හා ඒ සඳහා යොදනු ලබන උණ්ඩ 9ක් සමඟ පුද්ගලයකු අද (10) දහවල් අත්අඩංගුවට ගත් බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 10 April 2019
ඌවේ රැකියා විරහිත උපාධිධාරීහු වීදි බසිති ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා බදුල්ල නගරයේදී අද (10) උද්ඝෝෂණයක් අරඹා තිබේ. 10 April 2019
‘උතුරේ පෞද්ගලික බස් වර්ජනයක් නෑ’ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (10) සංඛේත වැඩ වර්ජනයක නිරත වෙමින් ධාවන කටයුතු වලින් ඉවත් වුවද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ දෛනික ධාවන කටයුතුවල නිරත වන බව උතුරු පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි. 10 April 2019
හම්බන්තොට පැරණි කච්චේරිය ආශ්රිත ගොඩනැගිලි අභාවයට යන ලකුණු හම්බන්තොට පැරණි කච්චේරි සංකීර්ණය පිහිටා තිබූ ස්ථානයේ පිහිටි පෞරාණික ගොඩනැගිලි නිසි ලෙස සංරක්ෂණය නොවීම හේතුවෙන් එම ස්ථානය අභාවයට පත්වෙමින් ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද මහතා පැවසීය. 10 April 2019
වවුනියාවේ ඉඩමකින් බිම්බෝම්බ තොගයක් සොයා ගනී වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් සොයා ගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 10 April 2019
බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට මාරවිල ඉහළ කටුනේරිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව මාදම් සහ සැපතිල්ලා දැවකඳන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 10 April 2019
කඩොලාන කැපූ අටදෙනක් අත්අඩංගුවට මන්නාරම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2019
පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි සාම්පුර් පාවුල් තුඩුව මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2019
කෙහෙල්ඇල්ලේ යකා නැටූ 06ක් රිමාන්ඩ් බදුල්ල කෙහෙල්ඇල්ල ගම්මානය භීතියට පත් කරමින් දේපොළවලට හානි කරමින් හැසිරුණු බව කියන හය දෙනෙකු ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 09 April 2019
කාන්තා මළ සිරුරක් බොරලැස්ගමුව නිවසකින් හමුවෙයි දින කිහිපයකට ඉහතදී ඝාතනය කළැයි සැකකරන කාන්තාවකගේ මළ සිරුරක් අද (9) බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි. 09 April 2019
කොටස් එකලස්කර තැනූ යතුරු පැදි 5 ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙසින් අමතර කොටස් ගෙන්වා අලෙවියට සුදානම් කර තිබු යතුරුපැදි පහක් සමඟ එක් පුද්ගලයකු මාරවිල කටුනේරිය ප්‍රදේශයේ දී අද (9) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි. 09 April 2019
දියේ ගිලී මියගිය තරුණයාගේ මරණය සැක බව ඥාතීහු කියති මිතුරන් සමඟ සාදයකට සහභාගී වී දිය නෑමට ගිය තරුණයකුගේ මළ සිරුරක් ගලේවෙල දේවහුව දමන අලුත්වැවේ තිබියදී සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි. එම මරණය සැක සහිත බව ඥාතීහු පවසති. 09 April 2019
ආණමඩුව ප්‍රා. සභාව කැළඹෙයි ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මාසික සභාව අද (9) පැවති අවස්ථාවේ දී නව සති පොළ සම්බන්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ වචන හුවමාරුව නිසා දැඩි උණුසුම් තත්වයක් හට ගැණිනි. 09 April 2019
පූජාපිටිය ප්‍රා. සභාවේ උප සභාපති ඉවත් වෙයි පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයට ලබා දෙන සහාය ඉවත් කර ගෙන සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් මින් ඉදිරියට කටයුතු කරන බව පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඒ. එල්. එම්. රසාන් මහතා අද (09) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය. 09 April 2019
විගණන නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් රාජ්‍ය විගණන නිලධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දුව මංසන්දිය අසළදී අද(09) පැවැත්විණි. 09 April 2019
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 21 කට නඩු උත්සව සමය නිමිත්තෙන් පිටකොටුව හා කොටුව ප්‍රදේශයේ අද (9) සිදුකළ හදිසි පරීක්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර, පලතුරු අලෙවි කළ වෙළඳසැල් 65 ක් අතරින් 21 කට නඩු පැවරූ බව කොළඹ මහ නගර සභාව පවසයි. 09 April 2019
විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල උද්ඝෝෂණයක් ‘එතෙර අපි සංවිධානය’ විසින් අද (9) උද්ඝෝෂණයක් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට දී පැවැත්විණි. විදේශගත වන ශ්‍රමිකයින්ගෙන් රක්ෂණයකට බව පවසා එරටදී ලබාගන්නා මුදල් මෙරටට පැමිණිමේ දී රජය මැදිහත්ව එය ලබා දීමට පියවර නොගැනීමට එරෙහිව ඔවුහු මෙම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි. 09 April 2019
උකුවෙළ ප්‍රා.සභාව උණුසුම් වෙයි මහජන මතය කොල්ල කා සභාව පිහිටුවා ඇති බවට උකුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රී (ශ්‍රීලංපොපෙ) සමන්ත ධර්මසේන මහතා සිදුකළ ප්‍රකාශයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර සභාව දැඩි උණූසුම් තත්වයක් අද (9) උකුවෙල ප්‍රාදේශීය සභා රැස්විමේ දී ඇති විය. 09 April 2019
ජල බවුසරයක ගැටී පුද්ගලයෙක් මරුට මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ධාවනය ජල බවුසරයක ගැටී මාර්ගය හරහා ගමන්කරමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි. 09 April 2019
මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 09 April 2019
යතුරුපැදියක් සොරා ගත් යුක්රේන ජාතිකයෙක් අත්අඩංගුවට වැලිගම මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියකුට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා යතුරු පැදියක් සොරකම් කළ බව කියන යුක්රේන ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 09 April 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026