පාරේ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගනී සූරියවැව නමඩගස්වැව ප්‍රදේශයේ පාසැල් මාවත අසළ මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයක් අද (17) සොයාගත් බව සූරියවැව පොලීසිය පවසයි. 17 April 2019
නිවාඩුවට ආ ඉතාලි ජාතිකයා හදිසියේ අසනීපවී මරුට ලංකාවට නිවාඩුවකට පැමිණි ඉතාලි ජාතිකයකු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මාරවිල රෝහලට ඇතුළු කිරිමෙන් පසු අද (17) මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 17 April 2019
අපිරිසිදු ආහාර විකිණූ වෙළෙන්දන් 8කට නඩු ආණමඩුව නගරයේ හා නව සතිපොළෙන් ජනතාවට නරක් වූ හා අපිරිසිදු ආහාර අලෙවි කළ වෙළඳුන් 8දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බව ආණමඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. 17 April 2019
උණවටුන මුහුදේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගැනේ උණවටුන ජංගල් බීච් මුහුදු තීරයේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි. 17 April 2019
සැමියාට පහර දී ඝාතනය කළාට බිරිඳ අත්අඩංගුවට සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයේ (13) බිම ඇද වැටී හිසට තුවාල සිදුවූ බව පවසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සිවිල් ආරක්ෂක භටයාගේ මරණය පහරදීමකින් සිදුවී ඇතැයි අනාවරණය වීමෙන් පසු ඔහුගේ බිරිය අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 16 April 2019
කරාපිටිය රෝහලකට හානිකිරීමේ දර්ශන පොලිසියට ලබාදෙන්නැයි නියෝග ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළඳී මියයාමත් සමඟ කෝපයට පත් ප්‍රදේශයේ ජනතාව ඉකුත් සිකුරාදා(12) ගාල්ල කරාපිටිය මාර්ගය අවහිර කරමින් අලුතෙන් ඉදිකරගෙන යනු ලබන පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි උපකරණවලට ගිනි තබා හානි කිරිමේ සිද්ධියේ දර්ශන පොලිසියට ලබාදෙන ලෙසට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා අද (16) රූපවාහිනී ආයතනවලට නියෝගයක් නිකුත් කළේය. 16 April 2019
බක්මහ අකුණු වැදී තිදෙනෙක් මරුට යාපනය චුන්නාකම් කුප්පිලාන් දකුණ ප්‍රදේශයේ දී අද (16) වගා කටයුතුවල නිරත වෙමින් සිටි තිදෙනකු අකුණුසැර වැදී මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය කියයි. 16 April 2019
පෙම් හබයක් දුරදිග ගොස් මිතුරාගේ ගෙල කපයි සිය පෙම්වතිය සමඟ පෙම් සබඳතාවක් ගොඩනගාගැනීමට උත්සහ කළ තම මිතුරාගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු අද (16) පියා සමඟ ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණ භාර වූ බව පොලිසිය කියයි. 16 April 2019
ඖෂධ වෙළඳසැලකින් ලක්ෂ දෙකක කිරිපිටි - මාරුකාසි කොල්ල කාලා දෙනියාය නගරයේ ඖෂධ වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයකු අද (16) රුපියල් ලක්ෂ දෙකකට අධික කිරිපිටි සහ මාරු කාසි සොරා ගෙන ගොස් ඇතැයි දෙනියාය පොලීසිය කියයි. 16 April 2019
දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට නව හැවිරිදි සිය බාලවයස්කාර දියණියට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන 35 හැවිරිදි පියෙකු අද (16) රනව ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. 16 April 2019
නෑගම් පැමිණි බෑණාගේ යතුරුපැදියට ගිනි තැබූ මාමා අත්අඩංගුවට අවුරුද්දට නෑගම් පැමිණි බෑණාගේ යතුරුපැදිය ගිනි තබා විනාශකළ බව කියන මාමණ්ඩිය අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 16 April 2019
ගාලු කොටුපවුරින් ඇද වැටී අයෙක් මරුට ගාලු කොටුපවුර මතින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 16 April 2019
පඹහින්නේ සතොස විවෘත කිරීමට බාලගිරි දෝෂය පඹහින්න ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත නව සතොස වෙළඳසැළ පිහිටි ගොඩනැගිල්ලට වසර දෙකකට ආසන්න කාලයක් කුළිය ගෙවමින් සිටි නමුත් අවුරුදු කාලය තුළදීවත් එය විවෘත කර නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. 16 April 2019
ආදාහේන වැවේ දිය නාන්න ගිය අයෙක් මරුට පෙරියමඩුව ආදාහේන වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මරණයට පත් පුද්ගලයකු පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇතිබව පල්ලම පොලීසිය පවසයි. 16 April 2019
බිරිඳගේ මරණයට සැමියා අත්අඩංගුවට පොළොන්නරුව, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 16 April 2019
මුදල් ඔට්ටුවට කැට ගසා අයෙක් මරුට මුදල් ඔට්ටුවට කැට ගැසු පිරිසක් අතර ඔට්ටුව බේරා ගැනීමට යාමේදී ඇතිවු ගැටුමක් දුර දිග ගොස් 54 හැවිරිදි පුද්ගලයකුට පොලු වලින් පහරදී ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු අද (16) සේනපුරදී අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි. 16 April 2019
අවුරුදු දිනවල අනතුරුවලින් 85ක් තුවාල ලබා රෝහලේ අලුත් අවුරුදු දින සහ පසුදින (14, 15) තුළ මාර්ග අනතුරු, ගිනිකෙළි අනතුරු හා පහරදීම්වලින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි. 16 April 2019
රිය අනතුරු, පහරදීම්වලින් බදුල්ල රෝහලේ ඇඳන් රෝගීන්ගෙන් පිරේ උත්සව සමයේ රිය අනතුරුවලට ලක්වීමෙන් සහ පහරදීම්වලින් තුවාල ලැබූවන් 250ක් පමණ බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බවත් ඒ අතරින් 200කට අධික පිරිසක් ශල්‍යකර්මවලට ලක්කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම්, රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 16 April 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 09ක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 April 2019
වන අලි පහරකින් ගොවියෙක් මරුට රණවරාව, මහදිවුල්වැව හේනක පැල් රකිමින් සිටි ගොවියකු වන අලියෙකුගේ පහරදීමකට ලක්ව අද(16) මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි. 16 April 2019
වැල්ලවායේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට වැල්ලවාය මල්වත්තාවල කැහැළිය ප්‍රධාන මාර්ගයේ නවය කණුව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (15) එක් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කළ බව වැල්ලවාය පොලීසිය පවසයි. 15 April 2019
මුගුරකින් පහරදී ඝාතනය කළැයි අයෙක් අත්අඩංගුවට මත්පැන් සාදයකදි සිදුවු බහින් බස් විමක් දිග දුර ගොස් 38 හැවිරිදි පුද්ගලයකුට මුගුරකින් පහරදි ඝාතනය කල බව කියන පුද්ගලයකු අද (15) රලපනාව ජනපදයේ දි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි. 15 April 2019
මීමින්නෙකු මස්කරමින් සිටි අයෙක් අත්අඩංගුවට දඩයම් කරන ලද මීමින්නෙකු මස් කරමින් සිටි පුද්ගලයෙකු මස් කිලෝ එකයි ග්‍රෑම් 600 ක් සමඟ අද(12) සාලියවැව මූණමල්ගස්වැව ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි. 12 April 2019
මත්පෙති සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රාත්‍රී සමාජශාලාවල බෙහෙවින් අලෙවිකරන එක්සඩ් හෙවමත් ඩාන්සින් පෙති 12ක් සමඟ පුද්ගලයකු අඟුලාන මුහුදුබඩ පාරේදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි. 12 April 2019
අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට දකුණ සහ බස්නාහිර පළාත්වල අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 12 April 2019
රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගාල්ල කොට්ඨාස රථ වාහන අංශය පවසයි. 11 April 2019
වැලිකඩින් පනින්න හැදූ සිරකරුවෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් පළා යාමේ අදහසින් මුළු රැයක් බන්ධනාගාර වහළය මත නැඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 11 April 2019
හෝටලයක පිහිනුම් තටාකයට වැටී සංචාරකයකු මරුට පානදුර පිටවත්ත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයට ඇදවැටී නේපාල ජාතිකයකු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 11 April 2019
ගම්පහ ගොඩනැගිල්ලක ගින්නක් ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සිංගර් ආයතන ගොඩනැගිල්ලේ අද (11) සවස ඇතිවු ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. 11 April 2019
කෝටි තුනක රන් බිස්කට් සමඟ ගුවන් සේවා නිලධාරියෙක් අත්අඩංගුවට රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් සේවා කාර්ය මණ්ඩලයක නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(11) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 11 April 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026