IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුරුදු දිනවල අනතුරුවලින් 85ක් තුවාල ලබා රෝහලේ

(ජේ. කේ. එල්. චාමින්ද)
 
අලුත් අවුරුදු දින සහ පසුදින (14, 15)තුළ මාර්ග අනතුරු, ගිනිකෙළි අනතුරු හා පහරදීම්වලින්  පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.
 
14වැනි දින  මාර්ග අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 28 දෙනෙකු හා 15 වැනි දින පුද්ගලයින් 38 දෙනෙකු රෝහල් ගතකළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. ගිනිකෙළි අනතුරුවලින් ඉකුත් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගතකර ඇත.
 
 පහරදීම් හා ගුටි ඇණගැනීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු 15වැනි දින රෝහල්ගතකර ඇත. ගාලු කොටුපවුර මතින් ඇදවැටීමෙන් බරපතල තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කිරීමෙන්  පසු මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
 
 ඉකුත් වසරට වඩා මාර්ග අනතුරුවල සුළු අඩුවීමක් කරාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බවද ඔහු කීවේය.



අදහස් (0)

අවුරුදු දිනවල අනතුරුවලින් 85ක් තුවාල ලබා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site