IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

(ඩී. ජී. සුගතපාල)
 
දකුණ සහ බස්නාහිර පළාත්වල  අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පොලිස් වසමේ  හාමිංගල සහ දෙහිහේන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
 
ගාල්ල පේදුරුවෙල හන්දියේදී පොලිස් නිලධාරින් විසින්  සැකකටයුතු යතුරුපැදියක්  නවතා පරීක්ෂා කිරීමේදී  එය ඉකුත් අළුත්ගම නගරයේදී  සොරකම් කරන ලද එකක් බවට අනාවරණය වී ඇත. සැකකරුගේ ප්‍රකාශ අනුව අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත. 
 
සොරකම් කරන ලද යතුරුපැදි තුනක්ද, සොරකම් කරන ලද පෙර ගෙවුම් කාඩ්පත් තොගයක්ද කොල්ලකන ලද රන් මාලයක් ද පොලිසිය සොයා ගෙන ඇත. 
 
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට බද්දෙගම ඇල්පිටිය සහ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණවල විවෘත වරෙන්තු තිබෙන බවත් අනාවරණය වී තිබේ. 
 
මෙම අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය.
 
සැකකරුවන් අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site