IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

(ඩි.ජී.සුගතපාල)
 
රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගාල්ල කොට්ඨාස රථ වාහන අංශය පවසයි.
 
උණවටුන රෝහල ඉදිරිපිටදී පුද්ගලික බස් රථයක හැපිමෙන් බර පතල තුවාල ලැබු  පාපැදිකරුවෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
 
මිය ගොස් ඇත්තේ වංචාවල කදුරුදුව පදිංචිව සිටි මහගමගේ දහනායක නමැති 71හැවිරිදි පුද්ගලයෙකි.
 
 මිය ගිය අය ගාල්ල දෙස සිට පා පැදියෙන් යමින් සිටියදි ගාල්ල දෙස මාතර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක පිටුපස පා පුවරුව ආසන්න කොටස් වැදිමෙන් අනතුර සිදුව ඇත.
 
මේ අතර ගාල්ල කළුවැල්ලේ පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙකු විදුලි පහන් කණුවක් අලුත් වැඩියා කරමින් සිටියදි කොළඹ දෙස සිට පැමිණි මෝටර් රථයක් එක් අයෙකුගේ ඇඟේ හැපිමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
 
මිය ගොස් ඇත්තේ යක්කල මහවිට පදිංචිකරුවෙකු වන පනාගොඩ ලියනගේ ප්‍රිමාල් පේෂාන් නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
 



අදහස් (0)

රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site