(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පිටවත්ත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයට ඇදවැටී නේපාල ජාතිකයකු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නේපාලයේ ලලිත්ෂුර්හි පදිංචි සිටි නාරායන් බහුදුරු නමැති 75 හැවිරිදි පුද්ගලයෙකි.
නේපාල ජාතිකයන් 30දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකයට ඇදවැටී මෙම තැනැත්තා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හෝටලයේ සේවකයන් සහ සෙසු නේපාල සංචාරකයන් ඔහුව ගොඩගෙන පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මියගිය සංචාරකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද(11) පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලයක පිහිනුම් තටාකයට වැටී සංචාරකයකු මරුට