(දිලීප් ජයසේකර)
සූරියවැව නමඩගස්වැව ප්‍රදේශයේ පාසැල් මාවත අසළ මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයක් අද (17) සොයාගත් බව සූරියවැව පොලීසිය පවසයි.
මාර්ගය අයිනේ බෝම්බයක් දමා ගොස් ඇති බවට පොලිසිය ලද දුරකතන ඇමතුමක් අනුව මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් විසින් මෙම අත්බෝම්බය සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්බෝම්බය පුපුරුවා හැරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
මෙම අත්බෝම්බය අපරාධයක් සිදුකිරීම සඳහා රැගෙනවිත් මාර්ගය අසළ දමා ගියේද යන්න පිළිබඳව සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd