IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරු, පහරදීම්වලින් බදුල්ල රෝහලේ ඇඳන් රෝගීන්ගෙන් පිරේ

(එෆ්. අස්ලම්)
 
උත්සව සමයේ රිය අනතුරුවලට ලක්වීමෙන් සහ පහරදීම්වලින් තුවාල ලැබූවන් 250ක් පමණ බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බවත් ඒ අතරින් 200කට අධික පිරිසක් ශල්‍යකර්මවලට ලක්කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම්, රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
 
අප්‍රේල් 12,13,14 යන තෙදින තුළ මෙම අනතුරු වාර්තා වී ඇති බවත් ඒ අතරින් 95%ක්ම සිදුව ඇත්තේ බීමත්කම හේතුවෙන් බවත් වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.
 
අනතුරට ලක්වූ බහුතර රෝගීන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ  අනතුරුවලින් තුවාල ලැබූවන් බවද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අනතුරු ඉහළ ගොස් ඇති බවද හෙතෙම කීවේය.
 
මෙලෙස රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් අතරින් 40 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටත් කර යැවූ බවත් 200කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසීය.
 
අනතුරු සම්බන්ධයෙන් බදුල්ල රෝහල් පොලිසියද විමර්ශන ආරම්භ කර ඇත.

 



අදහස් (0)

රිය අනතුරු, පහරදීම්වලින් බදුල්ල රෝහලේ ඇඳන් රෝගීන්ගෙන් පිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site