IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වන විනාශයන් පිටුදැකීමේ විරෝධතාවක් පොළොන්නරුවේදී

(ක.ග. කරුණාරත්න)

මේ රට තුළ සිදුකෙරෙන නොයෙක් අන්දමේ වන විනාශයන් පිටුදැකීම සඳහා නොපමාව ක්‍රියාකරන ලෙස පාලකයින්ට බල කරමින් මහසංඝරත්නය ඇතුළු මහජනතාව 500කට අධික පිරිසක් අද (06) පොළොන්නරුව නගරයේදී විරෝධතාවක නිරත වුහ.

“හදවතට ජීවය දුන් මිහි මව සුරකිමු ” යන මැයින් පා ගමනක් සංවිධානය කර තිබූ අතර එය පොළොන්නරුව දීප උයන  අසලින් ආරම්භ වී පොළොන්නරුව නගරයේ ඔරලෝසු කණුව දක්වා ගමන් කර නැවතත් දීප උයන දක්වා ආපසු ගමන් ගත්තේය.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, පොළොන්නරුව ජල ගැලුම් නිම්නය සුරැකීමේ ජනතා ව්‍යාපාරය  සහ පොළොන්නරුව අපි යන සංවිධාන විසින් මේ විරෝධතාව සංවිධිනය කර තිබුණි.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙහිදි කියා සිටියේ අද වනවිට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රමුඛතාව පොළොන්නරුවේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනේද්‍යානය ඇතුළු රටේ ජාතික වනෝද්‍යාන රාශියක් දේශපාලන බලපුළුවම්කාරයින් අතුළුව වන අපරාධකරුවන් විසින් විනාශ කරමින් සිටින බවයි. මේ වන විනාශයන්ට එරෙහිව රජය නොපමාව අවැසි පියවර නොගතහොත් මේ රටේ මහා සංඝරත්නය, මහජනතාව වර්තමාන පාලකයින්ට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස පෙරමුණට පැමිණෙන බවත් එහි ජාති ආගම් බේද, දේශපාලන පක්ෂ බේදයක් නොමැති බවද උන්වහන්සේ කීහ.

ඒ අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නයට, මහජනතාව සහ මහමග ගමන්ගත් ජනතාවටද රෝපණය කිරීම සඳහා පැළවර්ග බෙදාදීමක් ද මෙහිදි සිදු කෙරිණි.



අදහස් (2)

වන විනාශයන් පිටුදැකීමේ විරෝධතාවක් පොළොන්නරුවේදී

රුවන් සර් Saturday, 06 April 2019 05:17 PM

රටට අවැසිම මොහොතක මෙසේ පෙළගැස්මක් ගොඩනැගෙන එක ඉතාමත් යහපත්. පුලුවන් සෑම විටකම අපද මේ වෙනුවෙන් දෙයක් කල යුතුමයි. මන්ද මේ අපේ මවු බිමයි

:       0       0

චාමර - සිරිපුර Monday, 08 April 2019 02:43 AM

විල්පත්තු විනාශය නවතමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site