(ටී.කේ.ජී.කපිල )
ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ මුරුක්කු අඩංගු පාර්සල් කීපයක් තුළ මෙම ගංජා තොගය අසුරා තිබුණි.
රුපියල් 5,87,000 ක් වටිනා ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 789 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd