IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නානුඔය රදැල්ල මාර්ගය 6වැනිදා සිට 8 දක්වා වසා දැමේ

(ශාන්ත චන්ද්‍රසිරි)
 
නුවරඑළිය - හැටන් මාර්ගයේ නානුඔය, රදැල්ල මාර්ගය අප්‍රේල්  06 සිට 08 දක්වා වසා තැබෙන බව නානුඔය පොලීසිය පවසයි.
 
ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන රදැල්ල කඳු තරණය ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයට දෙස් විදෙස් තරගකරුවන් රැසක් එක්වීමට නියමිත බැවින් එහි සංවිධායක කටයුතු සඳහා එම මාර්ගයේ කිලෝමීටර් තුනක පමණ දුරක් වසා දැමීමට නියමිතව තිබේ.
 
06 දින පෙරවරු 10.00 සිට පසුදා පස්වරු 2.00 දක්වා සහ 08 දින පෙරවරු 6.00 සිට පස්වරු 4.00 දක්වා මෙම මාර්ගය වසා දැමෙන බව නානුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා කීය.
 
නානුඔය - රදැල්ල රවුම් මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස එම කාලය තුළ රියදුරන්ට භාවිත කළ හැකි බවද නුවරඑළිය - හැටන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට මෙයින් කිසිඳු බාධාවක් සිදු නොවන බවද ඒ මහතා පැවසීය.



අදහස් (0)

නානුඔය රදැල්ල මාර්ගය 6වැනිදා සිට 8 දක්වා වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32228 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14708 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 71 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 346 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1265 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site