තේක්ක කඳන් තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට තේක්ක කඳන් තොගයක් පැටවූ කැබ් රථයක් සැකකරුවන් තිදෙනකු සමඟ අද (04) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි. 04 April 2019
රියදුරු ගස් බැඳ ලොරි රථයක් කොල්ලකාලා ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අද (04) කිසියම් පිරිසක් විසින් මස් පිණිස කර්මාන්තශාලාවක් වෙත කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරු ගස් බැඳ ලොරි රථය පැහැරගෙන ගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 04 April 2019
සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට ගිනි අවියක් සහ තහනම් පිහියක් රැගෙන කැබ් රථයකින් ගමන් කරමින් සිටි සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු හොරණ මීවනපලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 04 April 2019
කැස්බෑ මස් කිලෝ 4ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 4.5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 04 April 2019
මුදලට බූරු ගැසූ හමුදාවේ තුනක් ඇතුළු 6 ක් අත්අඩංගුවට මුදලට බූරු ගැසූ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුත් යුද හමුදාවේ එක් අයකු සමඟ 6දෙනෙකු හිඟුරක්ගොඩ උල්පත් ඇළ ප්‍රදේශයේදී අද (04) අලුයම කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 04 April 2019
වන අලියකු පහර දී පුද්ගලයෙක් මරුට වැලිකන්ද බටහිර මහවැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසළදී වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 04 April 2019
සෝමාවතිය පුදබිම අසල තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි පොළොන්නරුව සෝමාවතිය පුදබිමේ අසල තිබී අද (03) මිනිස් හිස් කබලක් සහිත පුද්ගල මළ සිරුරක අස්ථි කොටස් හමුවූ බව පුලස්තිපුර පොලිසිය කියයි. 03 April 2019
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී අද (030 තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පැවසිය. 03 April 2019
උමාඔය නඩුවේ තීන්දුව කල් යයි උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව අප්‍රේල් මස 30 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 03 April 2019
තාවකාලික රිය පැදවීමේ අවසර පත්‍ර කූඨ ලෙස සකස් කළ දෙදෙනකු රිමාන්ඩ් රියදුරු බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික රිය පැදවීමේ අවසර පත්‍ර අඩංගු ලේඛනයක් සොරකම් කිරීම,සොර බඩු ලඟ තබා ගැනීම හා එසේ ලබා ගත් ලේඛනයක් කූඨ ලෙස සකස් කර සැබෑ ලේඛනයක් ලෙස භාවිතා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර මහේස්ත්‍රාත් පී.එම් අමරසේන මහතා අද (03) නියම කළේය. 03 April 2019
සැමියාට පිහියකින් ඇන තුවාළ කළැයි බිරිඳ ඇතුළු 4 ක් අත්අඩංගුවට පානදුර වෑකඩ ප්‍රදේශයේ නිවසක ත්‍රී රෝද රථ රියැදුරෙයකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 03 April 2019
රිය අනතුරකින් අයෙක් මරුට තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේදී අද (3) ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇතයි තණම්විල පොලීසිය පවසයි. 03 April 2019
කළු ගඟේ මැණික් නිධියේ පුද්ගලයෙක් අතුරුදන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරක්ෂාව යටතේ පවතින කිරිඇල්ල, හැරණියාවක, කළු ගඟේ වක්කලම නම් මැණික් නිධියේ ඉල්ලම් සොයා කිමිදුම් කට්ටල හැඳගෙන දියට ගිය පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි අද (3) පැමිණිල්ලක් ලැබී ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි. 03 April 2019
ලංගම බසය පෙරැළී 8 ක් රෝහලේ පුනාගල සිට කොස්ලන්ද දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රියක් අද (03) කොස්ලන්ද පෙට්ටිගල ප්‍රදේශයේදී පාරෙන් ඉවත පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 8දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 03 April 2019
විදෙස් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් විදෙස් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් මාරවිල තල්විල කලපු තීරයේදී පැවැත්විණි. මාරවිල- තල්විල ක්ලබ් පාම් බේ හෝටලය විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි. 02 April 2019
ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා තිනියාවල ඉහළ හෙවෙස්ස හල්ලින්දොල ප්‍රදේශයේදී අද (02) පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇතැයි තිනියාවල පොලිසිය පවසයි. 02 April 2019
විදුලි සැර වැදී අයෙක් මරුට ඕපනායක උඩවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයකු අද (02) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 02 April 2019
මිනීමැරුමකට වසර 2කට පසු දෙදෙනෙක් අත්අඩංගුවට අනියමි සැමියා සමඟ එක්ව සිය නිවස තුළදී තම සැමියාට පිහියෙන් ඇන ඝාතනය කර නිවස පිටුපස ඇති කසළ වළකට දමා පිළිස්සූ කාන්තාවක් සහ එම අනියම් සැමියා අද(02) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 02 April 2019
බාලවයස්කාර දැරියට අතවර කළ තිදෙනා රිමාන්ඩ් ඥාති වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු අවස්ථා කිහිපයකදී වයස අවුරුදු 7ක බාලවයස්කාර දැරියක් වරින් වර අපයෝජනය කළ බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනාම එකවර අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි. 02 April 2019
ඌවවත්ත කඳුවැටියේ ගින්නක් රිදීමාලියද්ද ඌව වත්ත කඳුවැටියේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 02 April 2019
බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ ගින්නක් බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ අද (01) ඇතිවූ ගින්නකින් එම කඳුවැටියේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 01 April 2019
වයඹ සරසවි සිසුන් නිදහස් කරන්නැයි සබරගමු සිසුහු පාරට බසිති නවක වදය ලබා දුන්නා යැයි චෝදනා කරමින් වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු දින 70 ක් සිර ගත කර ඇතැයි පවසමින් සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (01) කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියේ විරෝධතාවයක නිරතවුහ. 01 April 2019
පුද්ගලයකු මරා දැමී යැයි වසර 8 ක සිරදඬුවම් පුද්ගලයකුට පහර දී මරා දමන ලදැයි කියන චෝදනාවට වරදකරුවන් කරමින් මහනුවර පදිංචිකරුවන් 10 දෙනෙකුට නියම කර තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔවුන් අනියම් මිනීමැරීමට වරදකරුවන් කරමින් වසර 8 බැගින් වූ සිරදඬුවම් නියම කළේය. 01 April 2019
දැරියකට අතවර කළ අයෙක්ට වසර 10ක අත්හිටවු සිර දඩුවම් 14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස් නිශ්ශංක මහතා විසින් එක් අයෙකුට බර පතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඩුවම් නියම කර එය වසර 10 කට අත්හිටවනු ලැබීය. 01 April 2019
හෘද සැත්කම් යන්ත්‍ර ගෙන්වන්න’යි රාජිතගෙන් නියෝග දරුවන්ගේ හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර කඩිනමින් ගෙන්වන ලෙසට සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. 01 April 2019
‘වෘත්තීය මාධ්‍යවේදී ආයතනයක් ලංකාවේ බිහිකරනවා’ මාධ්‍යවේදීන්ගේ අනාගත අභිවෘද්ධිය පදනම් කරගත් වෘත්තීය මාධ්‍යවේදී ආයතනයක් ලංකාව තුළ බිහිකිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා කොළඹදී අද (1) පැවැසීය. 01 April 2019
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මළසිරුර සොයා ගැනේ දොම්පේ, යට්ටෝවිට, බෙලිගහ පාරේ දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා ක්‍රියාත්මක කළ කිමිදුම් මෙහෙයුමකට අනුව අද(01) එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගත් බව නාවික හමුදාව පවසයි. 01 April 2019
බණ්ඩාරවෙළ රක්ෂිතයක ගින්නක් බණ්ඩාරවෙල වැවතැන්න ෆයිනස් වගා රක්ෂිතයේ අද (01) දහවල් ඇති වූ ගින්නකින් එම රක්ෂිතයේ අක්කරයක පමණ භූමියක් ගිනිගෙන විනාශ වී ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 01 April 2019
මාදිවෙල රාහුල විද්‍යාලයේ සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ මාදිවෙල ශ්‍රී රාහුල විද්‍යාලයේ සුහුරු පන්ති කාමරවලින් සමන්විත සිව්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම සහ බහුකාර්ය ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඉදි කිරීම ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදු කෙරුණි. 01 April 2019
හාවුන් දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ ’හාවුන් ’ දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පතුරොම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන් දෙදෙනෙකු සමග දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 01 April 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026