IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වෘත්තීය මාධ්‍යවේදී ආයතනයක් ලංකාවේ බිහිකරනවා’

(නිමල කොඩිතුවක්කු)
 
මාධ්‍යවේදීන්ගේ අනාගත අභිවෘද්ධිය පදනම් කරගත්  වෘත්තීය  මාධ්‍යවේදී ආයතනයක් ලංකාව තුළ බිහිකිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා කොළඹදී අද (1) පැවැසීය.

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා  සියලූම ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් අමාත්‍යාංශය මගින් මේ වනවිටත් ක‍්‍රියාත්මක බවද ලේකම්වරයා සඳහන් කළේය.                                                    

ඔහු මේ බව පැවැසුවේ ‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එක් වෙමිනි.                                                           

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන (10) දින ප.ව 4.00 සිට 7.00 දක්වා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී  පැවැත්වෙයි.                                                    
උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා මාධ්‍යවේදින් විසින් සිදු කරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයිම සඳහා  මෙම සම්මාන උළෙල පැවැත්වෙන බව සුනිල් සමරවීර මහතා පැවැසීය.                                             
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ ප‍්‍රථම වරට බවත් ඉදිරියේදී ද සියලූම ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි මෙම මාධ්‍ය උළෙල අඛණ්ඩව පවත්වන බවත් ලේකම්වරයා එහිදී සඳහන් කළේය.                          

මෙවර සම්මාන උළෙලේදී 2017 වසරේ පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහින හා වෙබ් යන ක්ෂේත‍්‍ර සඳහා දායකත්වය හා ප‍්‍රතිභාව දැක්වු මාධ්‍යවේදින් සඳහා  සම්මාන 47ක් පැරිනැමීමට නියමිතය.

මෙයට අමතරව පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහින හා වෙබ් යන ක්ෂේත‍්‍රයන්හි  ප‍්‍රවීනයන් සඳහා යාව ජිව සම්මාන 04ක්  පිරිනැමීමටද නියමිතය.                                      

සම්මානලාභීන් තෝරාගනු ලැබුවේ විද්වත් කමිටුවක් මඟින් බවත් මෙහි කිසිදු සම්මානලාභියෙකුට කිසිදු පෞද්ගලික හා දැනහැඳුනුම්කම් මත සම්මාන ලබා නොදෙන බවත් ලේකම්වරයා එහිදී පැවසීය.                           

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායක මහතා ඇතුලූ පිරිසක් එක්වූහ.
 
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
 



අදහස් (0)

‘වෘත්තීය මාධ්‍යවේදී ආයතනයක් ලංකාවේ බිහිකරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32227 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14707 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 70 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 346 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1265 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site