IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෘද සැත්කම් යන්ත්‍ර ගෙන්වන්න’යි රාජිතගෙන් නියෝග

(නිමල කොඩිතුවක්කු)
 
දරුවන්ගේ හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත‍්‍ර සහ සිලින්ඩර කඩිනමින් ගෙන්වන ලෙසට සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව දරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත‍්‍ර 17 ක් සහ නයිටි‍්‍රක් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන එන ලෙස අමාත්‍යවරයා  නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල ඇතුළු ළමා රෝග ඒකක ඇති රෝහල් 17 ක මෙම සැත්කම් සිදුකරනු ලැබේ.

හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ  දිනකට දරුවන්ගේ හෘද රෝග සැත්කම් 06 ක් සිදු කරනු ලබයි.

හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහළු අක‍්‍රීයවීම පාලනය කිරීම සඳහා නයිටි‍්‍රක් ඔක්සයිඩ් අවශ්‍ය බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන තිබේ.
 



අදහස් (0)

හෘද සැත්කම් යන්ත්‍ර ගෙන්වන්න’යි රාජිතගෙන් නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site