(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද ඌව වත්ත කඳුවැටියේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වන සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් ඊයේ(01) රාත්‍රියේ රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ද රාත්‍රි කාලයේ ආරම්භ වූ ගින්න අද (02) අලුයම වන විටත් පැතිර යමින් තිබූ බවද ඔවුහු කියති.
දික්යාය ඔයට දියවර සැපයෙන ජල පෝෂක රැසක් මෙන්ම ඖෂධීය වටිනාකමින් යුත් ශාකද මෙම රක්ෂිතයේ ඇතැයි ජනතාව කියාසිටිති.
මෙම කඳුවැටියට විවිධ පිරිස් ගිනි තබන අතර ඔවුන්ව අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට මේ වනතුරුත් වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමුවී නොමැතිබවද මේ හේතුවෙන් ගිනි තැබීම් දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව ද රක්ෂිතය අවට ගම්මානවල ප්‍රදේශවාසීහු පවසති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඌවවත්ත කඳුවැටියේ ගින්නක්