(ඩි.ජී.සුගතපාල)
14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස් නිශ්ශංක මහතා විසින් එක් අයෙකුට බර පතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඩුවම් නියම කර එය වසර 10 කට අත්හිටවනු ලැබීය.
එමෙන්ම රුපියල් 15000 බැගින් දඩ මුදල්ද වින්දිත දැරියට රුපියල් 50000 බැගින් වන්දි ගෙවිමටද නියම කළේය.
හික්කඩුව පොලිස් වසමේදි 2013පෙබරවාරි 17වනදින දාහතර හැවිරිදි පාසල් සිසුවියක් ත්‍රිවිලයකින් රැගෙන ගෝනාපිනුවල ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් දූෂණය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සමූහ දූෂණයක් නොවේද? දඬුවම මරණීය දණ්ඩනය නේද? ඒත් දඬුවම මෙතරම් ලිහිල් ඇයි? දන්න කෙනෙක් පහදා දෙන්න.
කොහොමද අත්හිටවූ සිර දඩුවම් දුන්නේ. මේක බරපතල වරදක්. රන්ජන් කියපු දේ හරි වගේ.