(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අද (04) කිසියම් පිරිසක් විසින් මස් පිණිස කර්මාන්තශාලාවක් වෙත කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරු ගස් බැඳ ලොරි රථය පැහැරගෙන ගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පිහිටි ගොවිපලක සිට ප්‍රධාන කර්මාන්තශාලාවක් දක්වා කුකුළන් 2500 ක් රැගෙන යමින් සිටියදී මෙම පිරිස මාර්ගය හරහා ලී කඳන් දමා හරස් කර ඔහුව ලොරි රථයෙන් එළියට ඇද කොට්ටුකච්චිය ජලාශයේ ඉස්මත්තේ පිහිටි ගසක ගැට ගසා පලා ගිය බව ලොරි රථයේ රියදුරු ආණමඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියෙන් පසුව ආණමඩුව පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පැහැර ගැනීම සිදුවූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
කුකුල් ගොවිපල හිමි පෞද්ගලික සමාගමේ පිරිස පවසා සිටියේ එම ලොරි රථයේ සිටි කුකුළන්ගේ වටිනාකම ලක්ෂ 20 කට ආසන්න බවත් ලොරි රථයද ඇතුළුව වටිනාකම ලක්ෂ 90 ක් ඉක්මවන බවත්ය.
ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රියදුරු ගස් බැඳ ලොරි රථයක් කොල්ලකාලා