(අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර)
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරක්‍ෂාව යටතේ පවතින කිරිඇල්ල, හැරණියාවක, කළු ගඟේ වක්කලම නම් මැණික් නිධියේ ඉල්ලම් සොයා කිමිදුම් කට්ටල හැඳගෙන දියට ගිය පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි අද (3) පැමිණිල්ලක් ලැබී ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.
මෙසේ අතුරදන්ව ඇත්තේ අවිස්සාවේල්ල, ඇස්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ප‍්‍රියන්ත නැමැත්තෙකි.
රත්නපුර, දොඩම්පේ, තුන්අඳහේනේ පදිංචිකරුවකු වූ සුමේධ සංජීව නැමැති අය විසින් මෙම අතුරුදන්වීම ගැන කිරිඇල්ල පොලිසියට පැමිණිලි කර ඇත්තේ අද (3) අලුයම පහට පමණය.
මේ දිනවල කළුගඟේ ජල මට්ටම අඩුවී එම ස්ථානයේ වැල්ල මතුවී ඇතත් මෙම මැණික් නිධිය ඇති කැන ගැඹුර අඩි 35 ක් පමණ විය හැකි යැයි පොලීසිය අනුමාන කරයි.
අතුරුදන්වූ ප‍්‍රියන්ත සහ චමින්ද රත්නායක යන දෙදෙනා කිමිදුම් කට්ටල සිරුරේ බැඳගෙන දියයට කිමිදී ඉල්ලම් ගොඩගත් බවද පැමිණිලි කර පොලීසියට පවසා තිබිණි.
ඔක්සිජන් අවසන් වූ නිසා දියට ඉල්ලම් ගන්න ගිය චමින්ද රත්නායක ගොඩට ආ බවත් දිය යට ගිය ප‍්‍රියන්ත ආපසු උඩට නොපැමිණි නමුත් ඔහුගේ මුඛ ආවරණය උඩට මතුවූ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දන්වා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු ගඟේ මැණික් නිධියේ පුද්ගලයෙක් අතුරුදන්