(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගිනි අවියක් සහ තහනම් පිහියක් රැගෙන කැබ් රථයකින් ගමන් කරමින් සිටි සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු හොරණ මීවනපලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර රියදුරෙක්, පෞද්ගලික සමාගමක වැඩ පරීක්ෂකවරයෙක් සහ ව්‍යාපාරිකයෙක්ද වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තිබී විදේශයේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක්, ජීව උණ්ඩ පහක්, හිස් කොපුවක්, පිස්තෝල හැඩැති ගෑස් ලයිටරයක්, තහනම් පිහියක්, කැබ් රථයක් හා යතුරු පැදියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තරමුල්ල, කඩුවෙල හා මිල්ලෑව පදිංචි අවුරුදු 32 හා 43 අතර වයස්වල පසුවන්නන් බවද පොලිසිය කියයි.
සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට