IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිවාස බිඳ දේපළ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මත් කුඩු පානයට මුදල් සෙවීම සඳහා නිවාස බිඳ දේපල සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු සොරාගත් රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා දේපල තොගයක් සමඟ අද (30) අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම කිතුල්වල පහලගම පදිංචි යුද හමුදා සෙබලකු සහ විදුලි කාර්මිකයෙකි.

30 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා මත් කුඩු පානයට ඇබ්බැහිවී ඇති බවත් ඒ සඳහා මුදල් සෙවීමට මෙසේ එක්ව හා තනි තනි වශයෙන් නිවාස බිදීම හා දේපල සොරකම් කිරීමේ යෙදී ඇති බවත් හෙළිවී ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී හොරොයින් ග‍්‍රෑම් 5 මිලිග‍්‍රෑම් 200 ක් සොයා ගැනීමට හැකිවී ඇති අතර ඔවුන් පැමිණි අංක තහඩු රහිත යතුරු පැදිය සොරකම් කරන ලද එකක් බවද අනාවරණය කරගෙන ඇත.

සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී පල්ලෙවෙල පොලිස් වසමේ නිවාස බිද දේපල සොරාගැනීම් 15ක්, වේයන්ගොඩ හතරක්, මීරිගම පොලිස් වසමේ සොරකම් තුනක්  , නිට්ට්ඹුව, කොටදෙනියාව හා මීගමුව පොලිස් බල ප‍්‍රදේශවල සිදුකල සොරකම් එක බැගින් සිදු කර ඇති අතර එසේ සොරාගත් දේපල වලින් කොටසක් සොයා ගැනීමට පොලිසිය සමත්වී ඇත. 

සොරාගත් දේපල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න වන බව පොලිසිය සැකකරයි. සොරා ගත් දේපලවලින් කොටසක් වේයන්ගොඩ ,මැදවත්ත කොස්ඇටදෙනිය, මීගමුව හා මීරිගම ප‍්‍රදේශයේ ස්ථානයන් කිහිපයකට විකුණා ඇතැයි පොලිසිය කියයි.

ගෑස් සිලින්ඩර් 10ක්,  විවිධ ප‍්‍රමාණයේ රූපවාහිනි යන්ත‍්‍ර පහක්, ගස් කපන යන්ත‍්‍ර හතරක්, ඉලොක්ට්‍රෝනික් තරාදි දෙකක්, ග‍්‍රයින්ඩර් දෙකක්, වතුරට බස්සවන මෝටර් දෙකක්, තණ කොල කපන යන්ත‍්‍ර , නිවෙස්වලින් සොරාගත් රත්රන් ග‍්‍රෑම් 20 ක් ඇතුලූ දේපල රැසක් සොයා ගැනීමට පොලිසිය සමත්වී ඇත.

නිවසේවලින් සොරාගත් රුපියල් ලක්ෂයක පමණ මුදලක් හෙරොයින් පානයට වැය කර ඇතැයිද එක් අයකුට දිනකට රුපියල් 3000 ක හොරොයින් පානය කිරීමේ යෙදී ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

නිවාස බිඳ දේපළ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14689 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site