බිමල් ශ්‍යාමන් ජයසිංහ
විද්‍යුත් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයකු ඇතුළු 9 දෙනෙකු රුපියල් 70,000 ක් වටිනා හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම හා හොරණ දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට පත් වුවන් අතර හොරණ ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයෙක්, මත්කුඩු වලට ඇබ්බැහි වූ දෙදෙනෙක්, පෞද්ගලික බැංකු සේවකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන බව පොලිසිය කියයි.
ප්‍රධාන ජාවාරම්කරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් තුනක් හා අනෙක් සැකකරුවන් සතුව මත්කුඩු ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු විකිණීමත් මොඩ් වෙලා.