IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවසන් පරීක්ෂණ දුම්රිය බෙලිඅත්තට

අනීෂා මානගේ

ඉදිකිරීම් අවසන් කර ඇති මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය අද (31) මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණියහ.

එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක අතුල සේනාරත්න, එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී.සෙනෙවිරත්න, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා ඇතුළු පිරිසක් මෙම පරීක්ෂණ දුම්රියෙහි මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කළහ.

මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කිලෝමීටර 36ක කොටස මෙම මස 8 වැනි දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර දුම්රිය ස්ථානයේ සුළු ඉදිකිරීම් මේ වන විට සිදුකෙරෙමින් පවතින ආකාරය දක්නට හැකිය.

දුම්රිය ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී.සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමේදී මෙසේ කීය.

'බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය වාර හතරක් ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දුම්රිය තුනක් මරදාන දක්වාත් තවත් දුම්රියක් කිලිනොච්චිය දක්වාත් දිනපතා ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මගීන්ගේ ඉල්ලීම අනුව ඉදිරියේදී සති අන්ත තවත් දුම්රියක් කොළඹ කොටුව සහ යාපනය දක්වා ගමන් ආරම්භ කිරිමටත් සිංහල අවුරුදු සමයේදීත් කතරගම උත්සව සමයේදීත් විශේෂිත දුම්රියන් යොදවා ධාවනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දැනට තිබෙන ඉල්ලීම අනුව කොළඹ කොටුවේ සිට පමණක් යාපනය දක්වා දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ.'

දැනට මාතර කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය ඉදිරියේදී බෙලිඅත්තේ සිට ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.  දැනට මාතර සිට ගමන් ආරම්භ කරන සෑම දුම්රියක්ම බෙලිඅත්තේ සිට ධාවනය කරන්නේ නැහැ. දුම්රියන් හතරක් පමණ බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන්නේ. මගීන්ගේ පැමිණීම සහ ඉල්ලීම අනුව එම දුම්රියන් ඉදිරියේදී බෙලිඅත්තෙන් ආරම්භ කිරීමට කටයුතු කරන  බවද පැවසීය.

 

 



අදහස් (2)

අවසන් පරීක්ෂණ දුම්රිය බෙලිඅත්තට

සිරිමල් Sunday, 31 March 2019 11:53 AM

ඔය වැඩේට කවුරු දෙන උප්පැන්න සහතිකයද පිළිගන්න පුළුවන්?

:       1       0

SujithSunday, 31 March 2019 04:42 PM

උප්පැන්නය කවුරු දුන්නත් .ජාතකය මොකක් උනත් ඉපදුන දරුවා මේ ලෝකෙට දරුවෙක් !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site