(දයාරත්න ඇඹෝගම)
ජීව අත් බෝම්බයක් සමඟ හිටපු හමුදා භටයකු යකල්ල ප්‍රදේශයේ නිවසකදී අද (31) අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා විශේෂ බළකායට අනුයුක්තව සේවය කරන ලද 29 හැවිරිදි හමුදා භටයෙකි.
මොරගොඩ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව මෙම හමුදා භටයාගේ නිවස පරික්ෂා කිරිමේදී නිවස පසුපස වැසිකිළිය ආසන්නයේ ප්ලාස්ටික් බෝතලයක බහා දමා තිබූ ජීව අත්බෝම්බය සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම හමුදා භටයා මෙම අත් බෝම්බය සඟවා තබාගන්නට ඇත්තේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීව අත්බෝම්බයක් සමඟ හිටපු හමුදා භටයකු අත්අඩංගුවට