(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහළින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව ඇති කැලෑ ප්‍රදේශයේ අද(31ඇතිවූ හදිසි ගින්නකින් එහි අක්කර 05 ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
නල්ලතන්නිය පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ රිකාටන් කඳවුරේ නිලධාරීන්, මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරී, ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළ ද දැඩි වියළි කාළගුණය හා සුළං තත්වය යටතේ ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බව පොලිස්ථානාධිපතිවරයා පවසයි.
ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd