(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහළින් පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව ඇති කැලෑ ප්‍රදේශයේ අද(31ඇතිවූ හදිසි ගින්නකින් එහි අක්කර 05 ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
නල්ලතන්නිය පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ රිකාටන් කඳවුරේ නිලධාරීන්, මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරී, ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළ ද දැඩි වියළි කාළගුණය හා සුළං තත්වය යටතේ ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බව පොලිස්ථානාධිපතිවරයා පවසයි.
ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
152
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී පාද රක්ෂිතය මායිමේ ගින්නක්