IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ දී කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මසුන් තොගය කැබ් රථයක් මගින් ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 28ක් හැවිරිදි ඊච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත බාර දීමට කටයුතු කෙරිණි.

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයින් කිහිපදෙනෙකුම  අත්අඩංගුවට ගැනීමට මෙම වසරේදි නාවික හමුදාව කටයුතු කරන ලදී.

මෙම නීතිවිරෝධි මසුන් මැරීමේ ක්‍රමය හේතුවෙන් සාගර පද්ධතිය විනාශ වීමට ලක් වී තිබේ. 



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site