(ඩී. ජී. සුගතපාල)
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්හලෙන් අද (26) රුපියල් 10,000ක මුදලක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
පිස්තෝලයක් සහ කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු ඉන්ධන පිරවුම් හලේ පොම්පකරු බිය ගන්වා ඔහු සන්තකයේ තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇත.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd