IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වී කිලෝවට සහතික මිලක් ඉල්ලා ගොවියෝ උපවාසයක

(ක.ග කරුණාරත්න හා නිමල් ජයරත්න)
 
වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 50 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මහවැලි බී කලාපයේ ගොවි අයිතීන් සුරකීමේ ඒකාබද්ධ සංවිධානය අද (26) පෙරවරුවේ වැලිකන්ද සෙවනපිටිය නගරයේ අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ. 
 
වැලිකන්ද මහසෙන්පුර මහසෙන් මහා විහාරයේ විහාරාධිපති කාර්යත්‍රී  උහුමීයේ සිරිසුමන රතන හිමියෝ සහ වැලිකන්ද අසේලපුර ඩී එක බෙදුම් ඇළ ගොවි සංවිධානයේ උප සභාපති එම්.ඩී.ධර්මසිරි (67) ගොවි මහතා ද උපවාසයට එක්ව සිටිති. 
 
රටේම සමස්ත වී ගොවීන් වෙනුවෙන් කරනු ලබන ඉතාමත්ම සාධාරණ ඉල්ලීම කෙරෙහි රජය ඇහුම්කන් දීමක් සිදු නොකළහොත් මෙය මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යන  බවත් හෙට (27) දිනය වන විට තවත් ගොවීන් පිරිසක් ඊට සහභාගී කරවීමට බලාපොරොත්තු වන බවත් ගොවි අයිතිය සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු දිබුලාගල රාහුලාලන්කාර හිමියෝ ප්‍රකාශ කළහ. 
 
මහවැලි බී කලාපය තුළ පිහිටි ගොවි සංවිධාන 41 ක සහාය මේ සඳහා තිබෙන බවත් ඉදිරියේ දී අනෙකුත් ගොවි සංවිධානවල සහාය ඇතිව ගොවි අයිතිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් ආරම්භ කරන බවද උන්වහන්සේ කීහ. 

 

(ඡායාරූප - නිමල් ජයරත්න)
 



අදහස් (0)

වී කිලෝවට සහතික මිලක් ඉල්ලා ගොවියෝ උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site