IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඌවපරණගම රක්ෂිතයේ වනවගාවක ගින්නකින් අක්කර 5 ක් විනාශයි

(ඩී.කේ. රත්න )
ඌවපරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි රජයේ වන වගාවක අද  (26)  දහවල් ඇතිවු හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර පහක් පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇතැයි ඌවපරණගම පොලීසිය පවසයි.
 
රජයේ වන වගාවකට අයත් පයිනස් හා ටර්පන්ටයින් ශාඛ ඇති ප‍්‍රදේශයක මෙම ගින්න ඇතිවී  තිබේ.
 
කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම වන වගාවට ගිනි ලබන්නට ඇතයි ඌවපරණගම පොලීසිය පවසයි.
 
මේ දින වල ප‍්‍රදේශයට පවතින වියළි කාලගුණික තත්වය හා සුළං තත්වය හේතුවෙන් ගින්න සීග‍්‍රයෙන් පැතිර ගොස් තිබේ. මෙම ගිනි ගැනීමත් සමග එම වන වගාවේ සිටි කුඩා සත්ව විශේෂ රැුසක්ම ගින්නෙන් විනාශවන්නට ඇතයි පොලීසිය කියයි.
 
ජල පෝෂක ප‍්‍රදේශයක් ආසන්නයේම පිහිටි මෙම වන වගාවේ ඇති වු ගින්න  වන සංරක්ෂණ නිළධාරින් ඌවපරණගම පොලීසිය හා ප‍්‍රදේශවාසින්  එක්ව මහත් පරිශ‍්‍රමයක් දරා  සම්පූර්ණයෙන්ම නිවා දමා තිබේ.
 
ඌවපරණගම  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතාගේ උපදෙස් පරිදි ඌවපරණගම පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
 
 



අදහස් (0)

ඌවපරණගම රක්ෂිතයේ වනවගාවක ගින්නකින් අක්කර 5 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32191 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14664 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 64 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 332 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site